කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් ඇතුළත් කර ඇත.
කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් 30ක් පමණ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එසේම ගිනිකෙළි ආශ්රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ද ඇතුළත් කර ඇති බව රෝහල් වාර්තා සඳහන් කර ඇත.
සෞඛ්‍ය අංශ විසින් අවුරුදු උදාවත් සමග විවිධ කටයුතුවලදී හදිසි අනතුරු සිදුවන බැවින් මෙම අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.


