චීන තානාපති කාර්යාලයෙන් ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කෙරේ………..……

ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය 2025 ජනවාරි 1 සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය රටවල් දෙකෙහි ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමක් බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

2025 අප්‍රේල් 9 වන විට, ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල මේ වසරේ චීනයට යන ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට වඩා නිකුත් කර තිබෙන බව ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා ප්‍රකාශ කර ඇත.

“චීනයට පැමිණීම, විවෘත, ආරක්ෂිත, විචිත්‍රවත්, අවංක සහ මිත්‍රශීලී චීනයක් අත්විඳීමට තවත් ඉන්දියානු මිතුරන් සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් ඔහු X හි සටහනක් තබා ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දියාව සහ චීනය අතර ගමන් පහසු කිරීම සඳහා චීන රජය ලිහිල් කිරීම් කිහිපයක් හඳුන්වා දී ඇතැයි යනුවෙන්ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *