අප්‍රේල් 17 වන අද දින සිට සිරි දළදා වන්දනාව නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, අද සිට සැදැහැවතුන් පැමිණෙන රථවාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා, රථවාහන මහනුවර නගරයට ඇතුළුවීම සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කර ඇත.
ඒ අතර, සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇත.
එමෙන්ම එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවද සඳහන් වේ.
අප්‍රේල් 18 වන හෙට දින සිට සිරි දළදා වන්දනාව පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව සදහන් කර ඇත.


