VAT බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දැනුම්දීමක්………….……

WhatsApp Image 2025 04 17 at 14.21.53

අප්‍රේල් මස 11 වන දින සිට එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට්, ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දෙන් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා අවම වශයෙන් එහි නැවුම් කිරි 50% ක් අඩංගු විය යුතු බවද සඳහන් වේ.

දියර කිරි සහ යෝගට්වලට අමතරව, විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලාංකිකයින්​ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බව සඳහන් කර ඇත.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිය සහතිකය සටහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *