ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කොළඹ මහ නගර සභාව සඳහා තේරීපත්ව සිටින කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ රාත්රි පැලවත්ත ජේවීපී කාර්යාලයේදී පැවැත්වී ඇති බව වාර්තා වෙයි.
එම සාකච්ඡාවට නියෝජනය වී ඇත්තේ කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් 09 දෙනෙකුක් බව සඳහන් කර ඇත.
ඒ අතරින් කිහිපයක්ම රජයට සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර ඇති අතර, ජනාධිපතිවරයාට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපතිවරයාගෙන් යහපත් ප්රතිචාර ලැබුණු බවත් සඳහන් කර ඇත.


