හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි ගමනට සමුදෙයි

latha walpola

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි ගමනට සමුදෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විය ඇය 91 වන වියේ පසුවුණා.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

හිම රේණු වැටෙනා, අම්මලා දුක් ගන්නේ, රොන් සොයා පියඹන සමනලියක සේ, හීන හතක් මැද, සැළලිහිණි කොවුල් හඩ, පෙරදිග මුතු ඇටයයි, ගලනා සීත ජලේ, දේදුන්නෙන් එන සමලුනේ, පොකුරු පොකුරු, ලෝ අඩ නින්දේ වැනි ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වනවා.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා තිබෙනවා.

1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය දක්වා තිබෙනවා.

ඇය දීපශිකා, ස්වර්ණ හංස, සරසවිය ඇතුළු සිනමා උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර වූ අතර, 2005 වසරේදී ශ්‍රී ලංකා රජය මගින් පිරිනමන කලා සූරී සම්මානයෙන්ද,
2017 වසරේදී දේශමාන්‍ය සම්මානයෙන් මෙන්ම ඇය මිය යන මොහොත දක්වාම විවිධ සම්මානවලින් පිදුම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *