වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ‘මහා පරිමාණ ප්‍රහාරයකින්’ අල්ලා ගත්’ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
“ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන ගොස් ඇත.” ජනපති ට්‍රම්ප් නිවේදනය කර සිටියේ ය.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බලකාය විසින් අල්ලා ගන්නා ලද බව නිලධාරීන් බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු CBS ප්‍රවෘත්ති සේවය වෙත ප්‍රකාශ කළේය.
ඩෙල්ටා බලකාය යනු ඇමෙරිකානු හමුදාවේ ඉහළම ත්‍රස්ත මර්දන ඒකකයයි.
වෙනිසියුලාවේ හමුදා මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළ බව, කරකාස් අගනුවර පිපිරීම් කිහිපයකින් සිදුවීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් බීබීසීයේ එක්සත් ජනපද ප්‍රවෘත්ති සහකරු CBS වෙත පවසා තිබිණි.


