එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති මෙන්න
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබුණා.
උප සභාපති ධුරයට නවීන් දිසානායක පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති අතර, එය 2026 ජනවාරි 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත්තේ.
පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කරන බව පවසමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් නවීන් දිසානායක වෙත ලිපියක් යවමින් මෙම පත්වීම තහවුරු කර තිබෙනවා.


