මධුරෝගේ ස්විට්සර්ලන්තයේ වත්කම් අත්හිටුවලා
වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබෙනවා.
අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා.
වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වනවා.
කෙසේ වෙතත් වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට එය බලනොපාන බව දැනුම් දී තිබෙනවා.


