බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍රය සඳහා දිගු පෝලිම්….

passport web

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ දුර බැහැරින් පැමිණි පිරිස් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ඊයේ රාත්‍රියේ සිට රැදී සිටින බව සදහන් වන අතර ඊයේ රජයේ නිවාඩු දිනයක් බැවින් පැමිණි පිරිස් මුලික සනීපාරක්ෂක පහසුකමක් හෝ නොමැතිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය අය පමණක් ඉල්ලීම් කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුම් දී ඇති බව සදහන් වන අතර
අයදුම්කරුවන් පවසන්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය, ඉල්ලීම් කරන අය සඳහා ප්‍රමාණවත් නොමැති බවයි.

කෙසේ වෙතත්, දිනකට ටෝකන් පත් 750ක් සිට 1400ක් දක්වා විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන් වෙනුවෙන් නිකුත් කරනු ලබන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *