පොල් ආශ්‍රිත, නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව එහි සභාපති ජයන්ත සමරකෝන් සඳහන් කර ඇති අතර දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවද සදහන් කර ඇත.
මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680 ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400 – 2600 අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවත් පොල් පර්යේෂණ ආයතනය පුරෝකථනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


