කටුනායක නව පර්යන්තය ජායිකා ආධාර මත මාර්තු දක්වා ටෙන්ඩර් දීර්ඝ කෙරේ

tendar web

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වන අතර එම කටයුතු ජයිකා ආධාර මත සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කර ඇත.

නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව මිලියන 15 ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *