අද මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් වේ …….……

මාර්තු 11 වන අද දින මධ්‍යම රාත්‍රී 12.00න් පසු 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත.

මෙම නීතිය උල්ලංඝණය කරන උපකාරක පන්ති ගුරුවරුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා ආරම්භ වී මාර්තු 26 වැනිදායින් අවසන්වීමට නියමිත බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *