තම පුද්ගලික ආරක්ෂක සේවා ව්‍යාපාරයේ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධ නීතිමය ගැටළුවක් නිසා නිකුත් කළ අධිකරණ සිතාසි නොලැබීම හේතුවෙන් වැලිකඩ පොලීසිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (11) දිනයේදී සැමියාගේ මෝටර් රථ අනතුර හේතුවෙන් පොලීසියට පැමිණි අවස්ථාවේදී වරෙන්තු තිබෙන බව පවසා ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කළේ, තමන් නඩු සම්බන්ධ සිතාසි නොලැබීමේ හේතුව ව්‍යාපාරයේ පැරණි කාර්යාලයට එය යවා ඇති බවයි. සියලු ගෙවීම් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඇය පවසා ඇත.


