පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14වැනි බ්රහස්පතින්දා පෙරවරු 07.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
එම මැතිවරණය සඳහා රාජ්ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 40 Kmක් හෝ ඊට අඩුයි නම් දින භාගයක නිවාඩුවක් හිමිවන අතර 40Km – 100Km අතර දුරක් නම් දින එකක නිවාඩුවක් හිමිවන බවයි.
එමෙන්ම 100Km – 150Km අතර දුරක් නම් දින 1 1/2 ක නිවාඩුවන් සහ 150Kmට වැඩිනම් දින 2ක නිවාඩුවක් හිමිවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


