අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය අද දෙවන දිනටත්…..

WhatsApp Image 2024 12 06 at 09.25.09

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සහ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (6) දිනයේද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. මෙම ගිණුම සහ ඇස්තමේන්තුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි විවාදය ඊයේ ආරම්භ විය.

අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් බිලියන 1,402 ක අධික මුදලක් සහ පරිපූරක ඇස්තමේන්තුව යටතේ රුපියල් බිලියන 215 කට අධික මුදලක් සම්මත කිරීම අපේක්ෂිතය.

2025 වසරේ පළමු මාස 4 සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 220,075 ක මුදලක් පවරා ඇත. මෙහිදී, පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 16,937 ක් සහ මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 203,138 ක් වෙන්කර ඇත.

එමෙන්ම, ජනාධිපති වැය ශිර්ෂය සඳහා රුපියල් මිලියන 1,282.94 ක් වෙන්කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 10,384 ක් ද ප්‍රධාන කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *