කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය විසින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් සංවිධානය කරයි .…..…….

ahasa web

අද (28) ප.ව. 6.20 සිට රාත්‍රී 8.00 දක්වා රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් පැවැත්වීමට කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසුන් විසින් කටයුතු යොදා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාපිටියේදී (රීඩ් මාවතෙන් හෝ තර්ස්ටන් පාරෙන් ප්‍රවේශ විය හැකිය) මෙම අහස නිරීක්ෂණ කඳවුර වීමට කටයුතු යොදා ඇති බව සදහන් වේ.

ජනතාවගෙන් ලත් විශාල ඉල්ලීම් ප්‍රමාණය හේතුකොට ගෙන මෙය සංවිධානය කර ඇති බව සඳහන් වන අතර විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම මහජනතාවට ද විවෘතව ඇති මෙම අහස නිරීක්ෂණ කඳවුර රාත්‍රී අටට අවසන් වන බවත් පැහැදිලි අහසක් නොමැති නම් පැමිණීමෙන් වලකින ලෙසත් මහාචාර්යවරයා ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *