1977 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබේ.
‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙස දැක්වේ.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දැයේ කාන්තාවන්ගේ අභිමානය සනිටුහන් කරනු වස් මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්න ප්‍රධාන තේමාව කරගනිමින් මෙරට කාන්තා දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.
2025 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මාර්තු 07 වන ඊයේ උදෑසන 10ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී පැවැත්වුණු බවට වාර්තා වේ.


