නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙදෙනෙක් අත්අඩංගුවට ගනී……………

WhatsApp Image 2025 04 11 at 10.15.19

ආගමන හා විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03 කට පමණ පෙර මෙරටට පැමිණ ඇත.

ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස මේ වනවිට වැලිස​ර පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටින බව වාර්තා වේ.

එමෙන්ම ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල්කිරීමට නියමිතව ඇති බව වැඩිදුර සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *