ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීම සිදුකෙරේ …………………

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද පෙරවරු 6.05 ට යෙදුණු සුබ මොහොතින් සිදුකර ඇති බව වාර්ථා වේ.

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින ද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින ද වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *