නීතිපති පාරින්ද රණසිංහට එල්ල වන චෝදනා සහ ස්වාධීනත්වය පිළිබඳ මතභේදය
වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ඇතැම් පිරිස් ඔහු දූෂිතයන් ආරක්ෂා කරන බවට චෝදනා කරන අතර, තවත් පිරිසක් පවසන්නේ දේශපාලන බලපෑම් හමුවේ ඔහු ස්වාධීනව කටයුතු කරන බවයි.ආන්දෝලනයට හේතු වූ ‘රනිල්ගේ නඩුව’හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ බෙදුණු මතයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වේ.චෝදනාව හිටපු මාධ්‍යවේදී සනත් බාලසූරිය පවසන්නේ නීතිපතිවරයා මෙම නඩුව ‘දියාරු කිරීමට’ උත්සාහ කරන බවයි. නීතිපතිවරයාට හිතවත් පාර්ශ්ව පෙන්වා දෙන්නේ නීතිමය තීරණ ගත යුත්තේ සාක්ෂි මත මිස මහජන කැමැත්ත මත නොවන බවයි.
නීතිපති තමන්ට එල්ල වන විවේචන හමුවේ නීතිඥයන් පිරිසක් අමතමින් නීතිපතිවරයා දැඩි ප්‍රකාශයක් කළේය.”මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ. මම වරදක් කරනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය හමුවට ගොස් එය අභියෝගයට ලක් කරන්න”.Free Lawyers සංවිධානය පවසන්නේ “සංවිධානාත්මකව අසත්‍ය චෝදනා එල්ල කරමින් නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ ගෞරවයට හානි කිරීමට පිරිසක් උත්සාහ දරන බවයි .
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ නීතිපතිවරයා ‘රූකඩයක්’ සේ නටවන්නට වුවත්, ඔහු ඉතා ස්වාධීනව කටයුතු කරන බවයි.ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමාජ මාධ්‍ය හරහා සිදුකරන “නඩු විභාග” පිළිබඳ කනස්සල්ල පළ කරන අතර, නීතිපතිවරයාගේ තීරණ නීතිමය රාමුව තුළ පමණක් විවේචනය කළ යුතු බව අවධාරණය කරයි.
නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් පවතින්නේ දැයි මාධ්‍ය කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ එවැනි සාකච්ඡාවක් දැනට නොමැති බවයි. කෙසේ වෙතත්, නඩු ප්‍රමාද වීම් පිළිබඳව රජය සැලකිල්ලෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


