දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කොඩි කණු අංශයේ පහළ ශ්‍රේණියේ කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු, මෙරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාලයක හිමිකරුවෙකු බවට පත්වීමේ පුවත ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ, දූෂිත දේශපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ ඇති බරපතල බිඳවැටීම පිළිබඳව මනාව පැහැදිලි කරයි. ශිරාන් බාසික් නමැති මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමත් සමඟ,…
ඕස්ට්‍රේලියාවේ දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් කරමින් One Nation පක්ෂ නායිකා සහ සෙනෙට් මන්ත්‍රී පෝලින් හැන්සන් විසින් සිඩ්නි නුවර පැවැත්වෙන ලෝකප්‍රසිද්ධ LGBTQ+ Mardi Gras පෙළපාලිය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ. ඇය පවසන්නේ “ලිංගිකත්වය නිවෙස් තුළම තබාගත යුතුයි” යන අදහස වන අතර, මිනිසුන්ගේ ලිංගික ජීවිතය පෞද්ගලික දෙයක් බවත් එය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නොවන බවත් සඳහන්…
රටේ බත් පත සපයන ගොවියා කන්නයක් පාසා පාරට බැස හඬා වැටීම ශ්‍රී ලංකාවේ සුපුරුදු සරදම් සහගත දර්ශනයකි. මෙවරද එය වෙනස් වී නැත. වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් නියම කරමින්, රජය රුපියල් බිලියන 16ක (මිලියන 16,000ක) ප්‍රතිපාදන වෙන් කර ඇත. කඩදාසි මත මෙම ඉලක්කම් ඉතා ආකර්ෂණීයය. එහෙත්, මෙම මුදලින් මිලදී ගත හැක්කේ මෙට්‍රික් ටොන්…
මොරටුව අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තුන්වන දිනයටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.අනතුර සිදු වූයේ සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ, මුර සංචාරයක් අවසන් කර කොළඹ බලා පැමිණෙමින් සිටියදීය. මෙහිදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමෙන් ගොඩට ගෙන ගිය අතර ඔවුන් නාවික හමුදා…
වසර 48,000කට පෙර අතීතයට විද්‍යාත්මක ආලෝකයක්! ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කතාබහ කිරීමේදී අපගේ අවධානය බොහෝ විට යොමුවන්නේ විජය රජුගේ පැමිණීම, අනුරාධපුරය, පොළොන්නරුව හෝ මහනුවර වැනි රාජධානි යුග වෙතය. එහෙත් එම ලිඛිත ඉතිහාසයට බොහෝ කලකට පෙර, එනම් අදින් වසර දස දහස් ගණනකට පෙර සිටම මෙරට සක්‍රීය මිනිස් වාසයක් පැවැති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත….
අනුරාධපුර කොරකහවැව වැවත් සිඳී යයි…කුඩා වැව් සිඳී යාමත් සමග ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට නියම කාලය එළැඹ ඇති බව ගොවීන් පවසයි. දිවයින පුරාම එල්නිනෝ තත්ත්වයේ බලපෑමත් සමඟ ප්‍රදේශ රැසක කුඩා වැව් සිඳී යාමේ අවදානමකට ලක්ව ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා වැව් රැසක් මේ වන විට සිඳී යමින් පවතී. අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ පිහිටි කොරකහවැව වැවද මේ…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම විගණනය, 2023 සිට 2026 දක්වා කාලසීමාව ආවරණය කරන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක් සම්බන්ධ කරයි. නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා…
ඇමති ලාල් මහනුවරට බායි කියයි තමා මින් ඉදිරියට කිසිදු අවස්ථාවක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලීමෙන් ඉවත් වුවද, තමා අඛණ්ඩවම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. රටට සේවය කිරීමට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුවටම යාම අවශ්‍ය නොවන බව පෙන්වා දුන්…
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට නියමිතය. කෙසේ වෙතත්, නීතිඥ සංගමය,…
ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (14) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව…











