ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුර ප්‍රකාශ කර ඇත.


