Author Archives: subash upadya

අනුරාධපුරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජල මට්ටම පහත බැස ඇති අතර, ඉදිරියේදී පැමිණිය හැකි එල්නිනෝ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල හා ජලාශවල ජලල මට්ටම යම්කිසි ප්‍රමාණයකින් පහත වැටී තිබුණද එය දැඩි බලපෑමක් නොවන බවත් යල මහා දෙකන්නයම වගා කිරීම හේතුවෙන් කුඩා වැව් සාමාන්‍ය පරිදි සිදියාමට ලක්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත ද සිල්වා මහතා පවසයි. එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී පවතින අධික උෂ්ණත්වයත් සමඟ ප්‍රධාන වැව්වල…

යලුවන්ට තම මවට අතවර කරන්න දී දේපළ කොල්ලකෑ පුතා කොටුවේ

වවුනියාව, මහමයිලන්කුලම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ව්‍යාපාරික කාන්තාවකට අමානුෂික ලෙස පහරදී, අතවර කර රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පුතු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අදාළ කාන්තාව විසින් සිය පුත්‍රයා වෙත පරිශීලනය සඳහා ලබාදී තිබූ සුඛෝපභෝගී මෝටර් රථයෙන්…

දියතලාවේදී ගුවන් හමුදා බස් රථයක තිරිංග අක්‍රිය වෙයි: රියදුරුගේ ක්ෂණික තීරණයෙන් කැඩෙට් නිලධාරීන් 30 දෙනෙකුගේ ජීවිත බේරෙයි.

2026 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරේ සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදා බස් රථයක හදිසියේම තිරිංග (Brake) ක්‍රියාවිරහිත වීමෙන් සිදුවීමට ගිය දැවැන්ත අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු සමත් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත….

ඉරාන-ඇමෙරිකා සබඳතා යළිත් දැඩි උණුසුම් අතට: පූර්ණ ප්‍රහාරාත්මක හමුදා මෙහෙයුමකට ඉරානය සූදානම් වේ

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය ස්ථිර ලෙස අවසන් කිරීම සඳහා පැවැත්වූ සාකච්ඡා බිඳවැටීමත් සමඟ, ඉරානය “සම්පූර්ණයෙන්ම ප්‍රහාරාත්මක” හමුදා ඉරියව්වකට මාරුවීමට සූදානම් වන බවට ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. පසුගිය ජුනි මාසයේදී දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ලද තාවකාලික සටන් විරාම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම වොෂින්ටන පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප…

ඩොලර් බිලියන 01ක වන්දි තීන්දුව අගවිනිසුරුවරයා කල් දැම්මාද?

ශ්‍රේෂ්ඨාධිකරණයේ 48 වන අගවිනිසුරු ලෙස කටයුතු කළ මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු මඩුල්ල විසින් MV X‑Press Pearl අනතුරෙන් පීඩාවට පත් පාර්ශ්වයන්ට ඩොලර් බිලියනයක් වන්දියක් ලබාදෙනු පිළිබඳ නිකුත් කළ ඓතිහාසික තීන්දුව මේ වනවිට වෙනස් මගක ගමන් කරමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ 49 වන අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස පත් වූ පසු මෙම තීන්දුව කල් දමා…

දේශපාලන සබඳතා හරහා ශිරාන් බාසික්ගේ මත්ද්‍රව්‍ය ජාලය රටටම කුඩු බෙදපු හැටි.

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කොඩි කණු අංශයේ පහළ ශ්‍රේණියේ කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු, මෙරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාලයක හිමිකරුවෙකු බවට පත්වීමේ පුවත ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ, දූෂිත දේශපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ ඇති බරපතල බිඳවැටීම පිළිබඳව මනාව පැහැදිලි කරයි. ශිරාන් බාසික් නමැති මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමත් සමඟ,…

Mardi Gras පෙළපාලිය නිසා ඕස්ට්‍රේලියානු දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් වෙයි

ඕස්ට්‍රේලියාවේ දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් කරමින් One Nation පක්ෂ නායිකා සහ සෙනෙට් මන්ත්‍රී පෝලින් හැන්සන් විසින් සිඩ්නි නුවර පැවැත්වෙන ලෝකප්‍රසිද්ධ LGBTQ+ Mardi Gras පෙළපාලිය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ. ඇය පවසන්නේ “ලිංගිකත්වය නිවෙස් තුළම තබාගත යුතුයි” යන අදහස වන අතර, මිනිසුන්ගේ ලිංගික ජීවිතය පෞද්ගලික දෙයක් බවත් එය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නොවන බවත් සඳහන්…

වී ගොවියා මුදවාගන්නා යථාර්ථවාදී මාවත කුමක්ද?

රටේ බත් පත සපයන ගොවියා කන්නයක් පාසා පාරට බැස හඬා වැටීම ශ්‍රී ලංකාවේ සුපුරුදු සරදම් සහගත දර්ශනයකි. මෙවරද එය වෙනස් වී නැත. වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් නියම කරමින්, රජය රුපියල් බිලියන 16ක (මිලියන 16,000ක) ප්‍රතිපාදන වෙන් කර ඇත. කඩදාසි මත මෙම ඉලක්කම් ඉතා ආකර්ෂණීයය. එහෙත්, මෙම මුදලින් මිලදී ගත හැක්කේ මෙට්‍රික් ටොන්…

අනතුරෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් දිගටම

මොරටුව අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තුන්වන දිනයටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.අනතුර සිදු වූයේ සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ, මුර සංචාරයක් අවසන් කර කොළඹ බලා පැමිණෙමින් සිටියදීය. මෙහිදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමෙන් ගොඩට ගෙන ගිය අතර ඔවුන් නාවික හමුදා…

පාහියංගලින් හෙළිවන ලාංකේය ප්‍රාග් ඓතිහාසික මානවයාගේ විස්මිත කතාව

වසර 48,000කට පෙර අතීතයට විද්‍යාත්මක ආලෝකයක්! ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කතාබහ කිරීමේදී අපගේ අවධානය බොහෝ විට යොමුවන්නේ විජය රජුගේ පැමිණීම, අනුරාධපුරය, පොළොන්නරුව හෝ මහනුවර වැනි රාජධානි යුග වෙතය. එහෙත් එම ලිඛිත ඉතිහාසයට බොහෝ කලකට පෙර, එනම් අදින් වසර දස දහස් ගණනකට පෙර සිටම මෙරට සක්‍රීය මිනිස් වාසයක් පැවැති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත….