ඕස්ට්‍රේලියාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව ආගමන විගමන නීති යටතේ, ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් කිරීමට පියවර ගනු ඇති බව ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke ප්‍රකාශ කරනවා. 2028 වන විට ශුද්ධ විදේශීය ආගමන සංඛ්‍යාව 300,000 සිට 225,000 දක්වා අඩු කිරීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම වෙනස්කම් ඉවහල් වනු…
Author Archives: subash upadya
නැවත හැරී යාමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැත. වර්තමාන පාලනාධිකාරියේ අඩුපාඩු කුමක් වුවත්, ඊට විසඳුම අතීතයට ආපසු යාම නොව, ප්‍රගතිශීලී, වගවීමක් සහිත සහ හැකියාවෙන් යුත් නායකයින්ගේ නව පරම්පරාවක් බිහිවීම විය යුතුය. රට අඛණ්ඩව ඉදිරියට මිස පසුපසට නොබැලිය යුතුය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී, ආර්ථික සහ ආයතනික පදනම් පිරිහීමට දායක වූ අතීත ක්‍රියාකලාපයන් සහිත පුද්ගලයින් අතට දේශපාලන බලය නැවත නොපැවරෙන…
සුනඛයකු ඇති කිරීම පෞද්ගලික කැමැත්තක් විය හැකි නමුත් එය සමාජ වගකීමකින් වෙන් කළ හැකි අයිතියක් නොවේ. සුරතල් සතෙකු තම නිවසේ ඇති කරන පුද්ගලයාට එම සත්වයාගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ හැසිරීම පිළිබඳ වගකීමක් තිබේ. එම වගකීම නිසි ලෙස ඉටු නොවන අවස්ථාවලදී එහි ප්‍රතිවිපාකය පෞද්ගලික නිවසකට පමණක් සීමා නොවී සමස්ත සමාජයටම බලපාන තත්ත්වයක් බවට පත්විය හැකිය. ශ්‍රී ලංකාවේ…
අනුරාධපුර නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ දී නුවරවැව හා තිසාවැව බැම්ම විවෘත කර සංචාරකයින්ට ගමන් කිරීමට හැකි ලෙස අවශ්ථාව ලබාදීම හා සැහැල්ලු වාහන ගමනාගමනය සදහා අවසර ලබාදීම පිළිබදව මෙහිදී සාකච්ඡා වූ අතර එහිදී පූජා නගරයේ පවතින වැවක් හෙයින් එම පරිසරයට හා බැම්මට හානියක් නොවන ලෙස වැව් බැම්ම සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම සිදුකල යුතු බවට…
ශ්‍රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින්, මෙරට චීන තානාපති (Wei Huaxiang) මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව…
ලෝක මලල ක්‍රීඩා පිටියේ අංක එකේ ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව අද උදේ වාර්තා විය. ගුවන් ගමනින් පැමිණි ඔහුගේ ප්‍රධාන තරග උපකරණ 5ම — හෙල්ල (Javelins) — දැවැන්ත හානියකට ලක්වී විනාශ වී තිබේ.මෙම හෙල්ල අතරින් රුමේෂ් තරංග ලෝක ජයග්‍රහණ රැසක් සඳහා භාවිත කළ උපකරණද, ළමයින්ට තෑගි…
නමුනු කුල වැවිලි සමාගමට අයත් ඇලදූව වතුයායේ මුරකරු “ඉහළ හේවාගේ ෂෙල්ටන්” නැමැත්තාට, 2026/08/28 වන දින රාත්‍රී මුර සේවාවේ යෙදී සිටියදී රාත්‍රී දහයයි විස්සට පමණ මුහුණු බැදගත් තිදෙනෙකු සමග ඇළදූව වතුයායේ වතු අධිකාරිවරයා විසින්ම පොලු වලින් ඉහත නම සඳහන් අයට පහර දෙන දී ඇති බවත් තුවාල කරු නාගොඩ රෝහලේ දින පහක් ප්‍රතිකාර ලබන ලදී. පහර කෑ…
ඇමරිකානු ජාතික කැමරන් මෝෆිඩ් වයස අවුරුදු 25 දී ලෝකයේ සියලු රටවල් 195 සංචාරය කළ ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තාවකට හිමිකම් කියයි. ඔහුගේ අවසාන ගමනාන්තය වූයේ උතුරු කොරියාවයි.ඉන්ස්ටග්‍රෑම් සම්මුඛ සාකච්ඡාවකදී මෝෆිඩ් ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත්ම අවතක්සේරු කරන ලද රටක් බව අවධාරණය කළේය. ඔහු මෙහි ස්වභාවික සුන්දරත්වය, වනජීවීන්, ආහාර, ඓතිහාසික උරුමය සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ඉහළ ප්‍රශංසාවක් පළ…
පා.ම. අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය පිළිබඳ ගැටළුජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කථානායකවරයා ලෙස පත්වූ පා.ම. අශෝක රන්වල මහතා, තම ආචාර්ය උපාධි සහතිකය පිළිබඳ විපක්ෂය මතුකළ දැඩි විරෝධය හමුවේ ධූරයෙන් ඉල්ලා අස්විය. ආරංචි අනුව, ඔහුගේ උපාධි සහතිකය “පැවදි නමකින්” නිකුත් වී ඇති අතර, 88/89 භීෂණ සමයේ ජීවිත ආරක්ෂාව සදහා ජපානයට ගොස් භික්ෂුවක් ලෙස අධ්‍යාපනය…
අචලා සෙනවිරත්නශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුළ අභීත සටන්කරුවියක් ලෙස නාමය ගැන්වූ නීතීඥ අචලා සෙනවිරත්න, පසුගිය සැප්තැම්බර් 4 දා ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව සැලසුම් කළ දීර්ඝ කුමන්ත්‍රණයකි යන චෝදනාවන් මතුවීමට හේතු විය.අදාළ සිද්ධිය ආරම්භ වූයේ ජනවාරි 27 දා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදීය. එහිදී වින්දිතයෙකු සහ පොලිස් නිළධාරියෙකු අතර ඇතිවූ වචන හුවමාරුවෙන්…











