Category Archives: Main News

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්……..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන අතර පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත්…

අයහපත් කාලගුණ තත්ත්වය මත කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි…..

පවතින අධික වැසි තත්ත්වය මත කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (27) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව වාර්තාවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම් ද සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. Views: 184

නීතිඥ සුනිල් වටගල මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනියි….

නීතිඥ සුනිල් වටගල මහතා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අතර තවදුරටත් දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට මේ රජයෙ යටතේ පූර්ණ අවකාශ ලැබී තිබෙන හෙයින් තමන්ගේ උපරිම ශක්තියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය…

කාලගුණ වාර්තාව….

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇත. එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම…

උද්ධමනය තවදුරටත් පහළට…..

ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට ඍන 02ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට සෘන 0.7 දක්වා පහළ ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි…..

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පත් වූ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු, 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස…

දස වෙනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අදයි…….

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විය. අද (21) පෙරවරු 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන…

10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල පත්වෙයි….

10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය ආචාර්ය සපුමල් රන්වල පත්කර තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි. ආචාර්‍ය‍ අසෝක සපුමල් රංවල පත්කරන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසිනි. මෙතෙක් ශ්‍රී ලංකා…

කාලගුණ වාර්තාව…….

නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ…..

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල…