Category Archives: Main News

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ …..…….

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකිය ප්‍රතිඵල ලබා ගැනීමට පිවිසෙන්න : ප්‍රතිඵල බැලීමට ක්ලික් කරන්න Views: 219

සමස්ත දිවයිනේ පොලිස් වැටලීම් …..……

සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊට අමතරව අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 167 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය ප්‍රකාශ කර ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයිනේ පොලිස් ස්ථාන…

වී වල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය, පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත බව එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කර ඇත. වී වගාව සඳහා යොදාගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සමාලෝචනයක් මෙම කමිටුව හරහා සිදුකරන අතර ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බවද වී අ‍ලෙවි මණ්ඩලය…

කොළඹ ප්‍රදේශය කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්……

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (16) සවස 6.00 සිට හෙට (17) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව සඳහන්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල…

බොරතෙල් මිලෙහි මිශ්‍ර ක්‍රියාකාරීත්වයක්……

2025 වසරේ ගතවු කාලය තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා. ශීත ඍතුවේ ඉල්ලුම ඉහළ යාම, චීනයේ ආර්ථික උත්තේජන, සැපයුම් බාධාවන්, මෙන්ම සම්බාධක තත්ත්වයන් හේතුවෙන් වසර මුල බොරතෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත්, මුල් සති දෙක අවසානයේ එය පාලනය වූ අතර, අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80…

ප්‍රදේශ රැසකට වැසි……

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක….

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 2 ඉක්මවයි …..……

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115ක් පැමිණ ඇති අතර, එය සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින්ගේ පැමිණීම් 6,474ක් වෙනවා. එමෙන්ම දෙසැම්බර් මාසයේ මේ වනතෙක් සංචාරකයින් 193,471ත් 229,644ත් අතර සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. දෙසැම්බර් පළමු භාගයේදී වැඩිම සංචාරක පිරිසක් ලෙස ඉන්දියාවෙන් 21,174ක්…

සුනාමියට වසර 20 ………

එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා. නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත්…

නත්තල අදයි……

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා. නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති…

හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට…

අද (දෙසැ. 23) සිට, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවීම කටයුතු ක්‍රියාත්මක කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අනාගතයේදී පොලිස් නිලධාරීන් පමණක් යොදවීමට කටයුතු කරන අතර එසේම පසුගිය දිනවලදී පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වූ අතර, මේ…