Category Archives: Main News

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි…..

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරිණි. ඒ අනුව, නව රජයේ කැබිනට් අමාත්‍යවරු 21 දෙනකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කැබිනට් අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය 01. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය 02. විජිත හේරත් – විදේශ…

මාලිමාවේ ජාතික ලැයිස්තුව නම් කරයි…….

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 01. බිමල් රත්නායක ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 02. ආචාර්ය අනුර කරුණාතිලක කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික 03. මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස…

කොළඹට විශේෂ දුම්රිය වාර හතක්…..

මැතිවරණය සහ සති අන්ත නිවාඩුව අවසන් කර රැකියා ස්ථාන වෙත පැමිණෙන ජනතාව සදහා විශේෂ දුම්රිය ගමන් වාර 07ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කර ඇති බව තවදුරටත්…

කාලගුණ වාර්තාව…..

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර…

දියවන්නා සිහිනය බොඳවී ගෙදර ගිය ප්‍රබලයෝ….

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ ප්‍රභල දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය මන්ත්‍රි ධූර අහිමි වී තිබෙනවා. ඒ අනුව, හිටපු මැති ඇමතිවරුන් 50කට පමණ සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර…

මෙවර මැතිවරණය ජයග්‍රහණක්ද ? විජයග්‍රහණයක් ද ?

ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ තනි පක්ෂයක් විසින් හිමි කරගත් වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හිමිකර ගනිමින් ජාතික ජන බලවේගය 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදී. 1971 ඔක්තෝබර් මස 21 වෙනි දින සෙනෙට් සභාව අහෝසි කර 1972 මාර්තු මස 22 වන දින ජනරජ ව්‍යවස්ථාව ස්ථාපනය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 168 තෝරාපත් කර ගැනීම සඳහා ජාතික රාජ්‍ය…

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි…..

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (15) දිනට යෙදී ඇත. මෙම පුන් පොහොයෙහි බෞද්ධ ශාසනික වැදගත්කම් රාශියක් දක්නට ලැබෙන අතර; එහි ප්‍රධානතම සිදුවීම් වන්නේ, ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්නෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම යි. මීට අමතරව ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් වැදගත්කමක් උසුලන…

අද ඓතිහාසික මැතිවරණ දිනයක්…. රෝහණ විජේවීර ඝාතනය වී හරියටම අවුරුදු තිස්පහයි.

1989 නොවැම්බර් මස 13 වන දින සිට අද දිනට හරියටම වසර 35 කි. ඒ අවියේ බලයෙන් යටපත් කෙරුනු ලෙයින් මහපොලොව තෙමා අනාගතය හප කර දැමූ, ලාම්පු කලගෙඩි වලින් සුජාත භූමියෙ දරුවන්ගේ මහජන කැමැත්ත තමන්ට රිසිසේ උදුරාගත් අදුරු පිශාචයින් පලවා දමා දේශයේ නාමයෙන් දිවි පිදූ ඔබේත් මගේත් පොදු ජනතාවට යුක්තිය ඉටු කිරීමට දිනය පැමිණ ඇත… අදින්…

කාලගුණ වාර්තාව…..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ…