Category Archives: Main News

සුනඛයන් ලියාපදිංචිය සහ ජලභීතිකා එන්නත්කරණය අනිවාර්ය කෙරෙන නව පනතක්

සුනඛයකු ඇති කිරීම පෞද්ගලික කැමැත්තක් විය හැකි නමුත් එය සමාජ වගකීමකින් වෙන් කළ හැකි අයිතියක් නොවේ. සුරතල් සතෙකු තම නිවසේ ඇති කරන පුද්ගලයාට එම සත්වයාගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ හැසිරීම පිළිබඳ වගකීමක් තිබේ. එම වගකීම නිසි ලෙස ඉටු නොවන අවස්ථාවලදී එහි ප්‍රතිවිපාකය පෞද්ගලික නිවසකට පමණක් සීමා නොවී සමස්ත සමාජයටම බලපාන තත්ත්වයක් බවට පත්විය හැකිය. ශ්‍රී ලංකාවේ…

අශෝක රන්වල නැවත කතානායක ධූරයටද?

පා.ම. අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය පිළිබඳ ගැටළුජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කථානායකවරයා ලෙස පත්වූ පා.ම. අශෝක රන්වල මහතා, තම ආචාර්ය උපාධි සහතිකය පිළිබඳ විපක්ෂය මතුකළ දැඩි විරෝධය හමුවේ ධූරයෙන් ඉල්ලා අස්විය. ආරංචි අනුව, ඔහුගේ උපාධි සහතිකය “පැවදි නමකින්” නිකුත් වී ඇති අතර, 88/89 භීෂණ සමයේ ජීවිත ආරක්ෂාව සදහා ජපානයට ගොස් භික්ෂුවක් ලෙස අධ්‍යාපනය…

කල් ඉකුත්වූ කෑම වික්කාට P&S එකට ලක්ෂ 2 ක දඩයක්

කොටහේනේ පිහිටි Perera and Sons Bakers Pvt Ltd සමාගමේ අලෙවිසැලකින් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාගමට රුපියල් 200,000ක දඩයක් නියම කර ඇත.2026 අප්‍රේල් 20 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ 13, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි එම අලෙවිසැල පරීක්ෂා කිරීමේදී, 2026…

පොදු ප්‍රවාහනය – ආර්ථිකය හා සමාජය ගොඩනගන මූලික පදනම සාගර කාරියවසම්ගේ අදහස අනුව වරාය

අධිවේගී මාර්ග සහ ගුවන්තොටුපොළවල් සංවර්ධනය රටේ ප්‍රධාන සංවර්ධන මාර්ගය බවට පත් කළ හැකි නමුත්, ප්‍රවාහන විශේෂඥයෙකු සහ ආර්ථික විශේෂඥයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට, එය සම්පූර්ණ සංවර්ධන මාර්ගයක් නොවේ. රටක ජනතාවගේ දෛනික ජීවිතය, ආර්ථික කාර්ය සාධනය සහ සමාජ සමානතාව සෘජුවම බලපාන්නේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය මගිනි.ප්‍රවාහන විශේෂඥ දෘෂ්ටිකෝණයජපානයේ දුම්රිය ජාලය – Shinkansen මගින් වේගවත් ගමනාගමනය ලබා දීමෙන්, නගර…

හිටපු FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාරට එරෙහිව කෝටි 5.5 ක අල්ලස් පැමිණිල්ලක්

එෆ්.සී.අයි.ඩී. හිටපු ප්‍රධානී රවි වෛද්‍යාලංකාරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්: කෝටි 7200ක කළු සල්ලි ජාවාරමක නඩුව යටගැසීමට කෝටි 5.5ක අල්ලස් ගත් බවට චෝදනා! මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනිල් රවීන්ද්‍ර වෛද්‍යාලංකාර විසින් ඇමරිකාවේදී මුදල් විශුද්ධිකරණයට වරදකරු වූ මහා පරිමාණ ජාවාරම්කාරයෙකුගෙන් අල්ලස් ලබාගෙන අධිකරණයේ පැවැති නඩුවක් යටගැසූ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස්…

අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් නඩු කටයුතුවලින් ඉවත් කරලා?

පසුගිය දින කිහිපය පුරාවටම රටේම අවධානය දිනාගත් නඩු කටයුතු අතරින් ප්‍රධානතම දෙකක් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව ඇති නඩු කටයුතුයි. නමුත් මේ නඩු මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රබලතම නිලධාරියෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හදිසියේම එම නඩු කටයුතුවලින් ඉවත් කර තිබීම…

වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වසා තැබුණු සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන යළි ආරම්භ කර ඇති බව සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ සභාපති බී ජී ඩබ්ලිව් අතුල කුමාර මහතා පවසනවා.

ඒ අදාළ පාර්ශ්ව කිහිපයක් සහ සේවකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. සෙවනගල සීනි සමාගමේ සේවක නොසන්සුන්තාවයන් හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම එහි නිෂ්පාදන කටයුතු සඳහා බාධා එල්ල වී තිබුණා. සේවකයින් ඉකුත් 25 වැනිදා සිට සේවයට වාර්තා කළ ද නිෂ්පාදන සිදු කිරීමට ඔවුන් යොමු නොවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු අඩා‍ල වුණා. මීට අමතරව ඉකුත්…

මීළඟ 18 වන දා නාමල්ට ඇප ලැබෙයිද?

Airbus ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව ගෙන යන නඩුව දැන් ශ්‍රී ලංකාවේ නීතිමය හා දේශපාලනමය අරගලයේ මධ්‍යබින්දුව වෙලා. මෙම නඩුව ගෙන යන්නේ Anti-Corruption Act Section 149 යටතේ වන අතර CIABOC Director-Generalගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා remand අනිවාර්ය තත්ත්වයක් බව නීතිමය වශයෙන් සපැහැදිලියි. එම නිසා නාමල්ට ඇප ලබාගැනීම අතිශය සීමාසහිත වන අතර Colombo Chief…

ප්‍රියංකර ජයරත්නට වසර හතක සිර දඬුවම්

මෙරට රාජ්‍ය දේපළ හා මහජන මුදල් අවභාවිත කළ දේශපාලනඥයන්ට සහ ඊට අනුබල දුන් නිලධාරීන්ට පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නීතිමය තීන්දුවක් ලබා දී තිබේ. නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 31 වැනි සඳුදා දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය. සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට…