Category Archives: Main News

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවක් අනුව, සුදුසුකම් ලබන එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. දිවයිනේ සියලුම පාසල්වලින් අයදුම්පත් කැඳවා සුදුසුකම් ලැබූ සිසුන් 5,530 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම සිසුන් සියලුදෙනාට දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්…

කොළඹ දෙමටගොඩ මල් බෙරි රිසෝට් නිවාස සංකීර්ණයේ දරුවාගේ කඳුලු කතාව

අගෝස්තු 16 පස්වරුවේ, කොළඹ 09 මරදාන දෙමටගොඩ පාරේ පිහිටි “මල් බෙරි රිසෝට්” නාමැති මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත් වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා විය.මෙම දරුවා වූයේ එම ප්‍රදේශයේම පදිංචි අබ්දුල් හසීන් නම් ළමයෙකි. මව පවුල අතහැර ගොස් තිබීමත්, පියා මත්පැන් පානයට ඇබ්බැහිව සිටීමත් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත…

අනතුරෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් දිගටම

මොරටුව අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තුන්වන දිනයටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.අනතුර සිදු වූයේ සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ, මුර සංචාරයක් අවසන් කර කොළඹ බලා පැමිණෙමින් සිටියදීය. මෙහිදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමෙන් ගොඩට ගෙන ගිය අතර ඔවුන් නාවික හමුදා…

AI සහ ඩිජිටල් පරිවර්තනයට ජපානයේ JICA සහය: නියෝජ්‍ය අමාත්‍ය එරංග සහ JICA ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්!

ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (14) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව…

පාඨලී චම්පික රණවක මහතාගෙන් ජනපති අනුරට චෝදනාවක්: ගල් අඟුරු නැව් 30 මිලදී ගැනීමේදී මහා පරිමාණ වංචාවක්!

ශ්‍රී ලංකා දේශපාලන වේදිකාව දැඩි කම්පනයකට ලක්ව ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ බවට කියන ගල් අඟුරු නැව් 30ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇත. ඔහු සඳහන් කළේ තමන් සතුව ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවත්, ඒවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ද…

රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි

රජයේ රෝහල්වලින් හෙද 4,600කට ආසන්නයෙකු සේවය අත්හැරින් ගියේ යැයි සංගමය පවසයි රජයේ රෝහල්වල දැඩි රාජකාරි පීඩනය හේතුවෙන් හෙද නිලධාරීන් 4,600කට ආසන්න සංඛ්‍යාවක් සේවය අත්හැර ගොස් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත. සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය හේතුකොට ගෙන විදේශගත වීමට අවස්ථා ලැබීමෙන් තවත් රැස්වීම් 2,000ක් පමණ හෙදයන් විදේශගත…

ඕමාන විදේශ වෙළෙඳ උපදේශක පංකජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අගෝස්තු 13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත්…

මිනින්දෝරු වෘත්තියේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොවේ – අගමැති

මිනින්දෝරු වෘත්තියේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, වෙනස්කම්වලට අනුගත වීම, නවෝත්පාදනය සහ මහජන සේවය සඳහා ඇති කැපවීම මත බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශත සංවත්සර උත්සවයට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ, මිනින්දෝරු වෘත්තිය රටේ තිරසාර සංවර්ධනය, ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම…

මහා බැංකුවේ දුර්වල අධීක්ෂණය හා බිලියන 13.2 ක NDB මුදල් වංචාව

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ මූලස්ථානය වන මහා බැංකුව රටේ මුදල් ප්‍රතිපත්තිය, බැංකු පද්ධතියේ ස්ථායීත්වය සහ ජනතාවගේ විශ්වාසය රැකගැනීමේ අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. එහෙත් NDB බැංකුවේ රු. බිලියන 13.2ක මහා වංචාව, මහා බැංකුවේ කාර්යභාරය පිළිබඳ දැඩි ප්‍රශ්න ගොඩනගා ඇත. මුලින් රු. මිලියන 380ක් ලෙස ඇස්තමේන්තු කළ පාඩුව දින 4කින් රු. බිලියන 13.2 දක්වා ඉහළ යාම,…