Category Archives: Main News

“බලයට පක්ෂය -පක්ෂයට බලය”.

2026 මාර්තු 1 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී”බලයට පක්ෂය පක්ෂයට බලය” යන තේමාව යටතේ පැවැත්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික මහා සමුළුව ඉතා සජීවී වූ අතර මීළඟ බලයක් සඳහා සැබෑ සමාජවාදී ව්‍යාපාරයක පෙරගමන්කරුවා තමා බව රටට ඒත්තු ගන්වන ප්‍රබල අවස්ථාවක් විය . කියුබානු ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු විදේශීය මාක්ස්වාදී ලෙනින්වාදී නියෝජිතයෝ සහ දේශීය සාමාජිකයෝ බොහෝ…

ඉරාන ගිවිසුම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ, ඉරානය සමඟ පැවැත්වෙන න්‍යෂ්ටික සාකච්ඡාවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවයි. මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, ඉදිරියේදී නැවත සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය . මීට අමතරව, කියුබාව “මිත්‍රශීලී අත්පත් කර ගැනීමක්” කිරීමේ හැකියාව පිළිබඳව ද ට්‍රම්ප් අදහස් පළ කළ අතර, එම…

ලංකා විදුලිබල මණ්ඩල සේවක වර්ජනයක

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලවිම) වෘත්තීය සමිති අද (26) පස්වරු 12.00 සිට පැය 6ක කඩිනම් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ආයතනය විසුරුවා හැර නීති විරෝධී ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයක් ලෙස ඔවුන් හඳුන්වන පියවරට එරෙහිව මෙම වර්ජනය දියත් කෙරේ. රජය පෙබරවාරි 28 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර මණ්ඩලය විසුරුවා හැරීමට ඉඩ ඇති බවට වන විශ්වාසය මත ආතතීන්…

ඉන්දියාවේ පැවති AI සමුළුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය

ඉන්දියාවේ නවදිල්ලි නුවර පෙබරවාරි 16 සිට 20 දක්වා පැවති ඉන්දියා AI බලපෑම් සමුළුවට (India AI Impact Summit 2026) ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් එරට ගිය ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ, කෘත්‍රිම බුද්ධිය (AI) මානව කේන්ද්‍රීය විය යුතු බවත්, එය සංස්කෘතික වටිනාකම් ශක්තිමත් කිරීම, භාෂාමය විවිධත්වය ආරක්ෂා කිරීම…

2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 500,000 ඉක්මවයි

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව 500,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24) නිවේදනය කළේය. මෙය සංචාරක කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, වසරේ ඉතිරි මාස සඳහා ද ධනාත්මක ලකුණක් ලෙස සැලකේ . Views: 146

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම අවබෝධතා ගිවිසුම එළිකිරීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවයි. කොටගල…

මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප් සහ දීමනා ලැයිස්තුව අගමැතිනිය හෙළි කරයි….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැනට හිමිවන වැටුප් සහ දීමනා සම්බන්ධ නිල තොරතුරු අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම විස්තර ඉදිරිපත් කළාය. එම දීමනා සහ වරප්‍රසාද පහත පරිදි වේ: මූලික දීමනා සහ මාසික ගෙවීම් මාසික දීමනාව: රුපියල් 54,285 කාර්යාල දීමනාව: රුපියල් 100,000 දුරකථන දීමනාව:…

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ඕනේ – සජිත්

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ඕනේ – සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි තමා සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, අද (17) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මත විමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණා යැයි රජය උද්දාමයට පත්ව තිබෙනවා.රජය ජනප්‍රිය යැයි ඔය තරම් හිතනවා නම් පළාත්…

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක්

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස්…

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක් අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ…