Category Archives: Main News

2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක්

2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක් බව ඇමැතිවරයා පවසයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසර ලෙස 2025 වර්ෂය සැලකිය හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. ඇතැම් පාර්ශව විසින් 2028…

අනුරාධපුරයට ගංජා ලැබෙන්නේ කොහෙන්ද? අත්අඩංගුවට ගත් යුවළකගෙන් සියලු තොරතුරු හෙළි වේ

අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ගංජා බෙදා හරීන ජාවාරම්කරුවන් වෙත ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ හයක් සමග යුවළක් අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ(27)සවස සමත් ව තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට තීරෝද රෝද රථයකින් ගංජා රැගෙන එමින් සිටින අතරතුර අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මිනුවන්ගොඩ…

අපට ඇත්තේ ඉස්ලාම් දහම පමණයි

මැදපෙරදිග කලාපය තුළ ඉරානය සහ ඉශ්‍රායලය අතර හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ, ආගමික සහ නිකායවාදී බෙදීම් පසෙකලා මුස්ලිම් ප්‍රජාව එක්සත් විය යුතු බවට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් ප්‍රබල ඉල්ලීමක් සිදුකර තිබේ. මාධ්‍යවේදී ඉහ්තිෂාම් උල් හක් විසින් 2026 මාර්තු 11 වන දින වාර්තා කරන ලද අන්දමට, ජනාධිපති එර්ඩොගන් අවධාරණය කර ඇත්තේ තමන්ට සුන්නි හෝ…

සභාපති බොරු කිව්වාද? සභාපති අසරණකර ආණ්ඩුව තෙල් මිල වැඩි කළාද?

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති “මිල සූත්‍රය” සහ ඉන්ධන ප්‍රතිපත්තිය යනු දේශපාලන තීරණවලට නොව ආර්ථික යථාර්ථයට අනුව මිල තීරණය කිරීම සඳහා නිර්මාණය කළ ක්‍රමවේදයකි. ලෝක වෙළඳපොළේ තෙල් මිල, විදේශ විනිමය අගය සහ ආනයන වියදම් වැනි සාධක සැලකිල්ලට ගනිමින් නියමිත කාලසීමාවන් තුළ මිල සංශෝධනය කළ යුතු බව එහි මූලික අදහස විය….

ඉරාන ප්‍රහාරයෙන් ජෝර්දානයේ ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ රේඩාර් පද්ධතිය විනාශයි.

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ ජාලයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන Muwaffaq Salti Air Base ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබූ AN/TPY-2 radar පද්ධතියක් ඉරාන ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් එම ස්ථානයේ තිබූ රේඩාර් පද්ධතිය සහ එයට සම්බන්ධ උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව තහවුරු වී ඇති අතර,…

ගොවියා රජ කරන ඉතිහාසයේ වැඩිම සහතික වී මිල

මීට පෙර රජය වි මිලදී ගැනීමේදී ලබාදුන් සහතික මිල වූ නාඩු සඳහා රුපියල් 105ක් ද සම්බ සඳහා රුපියල් 125ක් හා කීරි සම්බ සඳහා රුපියල් 132 ක සහතික වී මිල වෙනුවට රජය විසින් මෙවර නාඩු සඳහා රුපියල් 120 ක් ද සම්බ සඳහා රුපියල් 132 ක් හා කීරි සම්බ සඳහා රුපියල් 140 ක් ද ලෙස ඉතිහාසයේ වැඩිම…

වාර්තාව එලියට.. පාඩුව බිලියන1.8 යි

2026 මාර්තු 4 වන දින, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) සිය විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවට භාර දුන් අතර. මෙම වාර්තාවට අනුව, ගුණාත්මකභාවය අඩු ගල්අඟුරු නැව් 9ක් ආනයනය කිරීම නිසා විදුලිබල මණ්ඩලයට සහ අවසානයේ ජනතාවට රුපියල් බිලියන 1.8කට අධික මූල්‍ය බරක් පැටවී ඇති බව හෙළිදරව්වේ . මෙම ප්‍රමිතියෙන්…

ඉහළම Z-Score ශිෂ්‍යයින්ට රජයේ විදේශ උපාධි අවස්ථා

ශ්‍රී ලංකා රජය උසස් පෙළින් පසු ඉහළම Z-score ලබාගත් ශිෂ්‍යයින්ට රජයේ වියදමින් විදේශීය උපාධි අධ්‍යාපනය ලබාදීමේ නව වැඩසටහනක් 2025 අයවැයෙන් ආරම්භ කර න ලද අතර රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වලින් යුත් මෙම වැඩසටහන මගින් ද ම ලොව ඉහළම විශ්වවිද්‍යාල 500ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා රාශියක් හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට හිමිවේ. මේ සඳහා උසස් පෙළ ප්‍රධාන…

ඉන්ධන හිඟයක් වේ යැයි ජනතාව අතර භීතියක්; QR ක්‍රමය ගැනීමට රජය තීරණය කරයි

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි ජනතාව අතර පැතිර ගිය භීතිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගන්නට ලැබුණි. මෙම තත්ත්වය හමුවේ, කලින් පැවති QR කේත ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය යළි හඳුන්වා දීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්, ඉදිරි මාස සඳහා අවශ්‍ය තොග…

අරාම්කෝ රස් තනුරා පිරිපහදුව වසා දමයි

සෞදි තෙල් ටැංකි ඉලක්ක කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු අරාම්කෝ රස් තනුරා පිරිපහදුව වසා දමයිසෞදි අරාබියේ තෙල් ටැංකි ඉලක්ක කරගෙන ඊයේ (මාර්තු 2) සිදුවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, තෙල් දැවැන්ත අරාම්කෝ (Aramco) සමාගම තම රස් තනුරා (Ras Tanura) පිරිපහදු මධ්‍යස්ථානය වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග වෙළඳපොළේ විශාලතම පිරිපහදු…