Author Archives: Punsilu Jayasinghe

වංචනිකව අස්වැසුම ගත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම අහිමිවේ

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනුව, අස්වැසුම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් දීමනා ගෙවීම් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් සිදු කෙරේ. 2023 සිට මෙම ක්‍රමය ආරම්භ වී ඇති අතර, දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු දැනට සිදු වෙමින් පවතී. 2023දී කාණ්ඩ 4කට යටත් ලක්ෂ 16කට ආසන්න පිරිසකට දීමනා…

මහා බැංකුවේ දුර්වල අධීක්ෂණය හා බිලියන 13.2 ක NDB මුදල් වංචාව

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ මූලස්ථානය වන මහා බැංකුව රටේ මුදල් ප්‍රතිපත්තිය, බැංකු පද්ධතියේ ස්ථායීත්වය සහ ජනතාවගේ විශ්වාසය රැකගැනීමේ අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. එහෙත් NDB බැංකුවේ රු. බිලියන 13.2ක මහා වංචාව, මහා බැංකුවේ කාර්යභාරය පිළිබඳ දැඩි ප්‍රශ්න ගොඩනගා ඇත. මුලින් රු. මිලියන 380ක් ලෙස ඇස්තමේන්තු කළ පාඩුව දින 4කින් රු. බිලියන 13.2 දක්වා ඉහළ යාම,…

කටාර්හි ප්‍රධාන ගෑස් පර්යන්තයක පිපිරීමක්. 54 තුවාල ලබා 18ක් අතුරුදහන්

කටාර්හි ප්‍රධාන ගෑස් පර්යන්තයක පිපිරීමක්: 54ක් තුවාල ලබා 18ක් අතුරුදන් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද සමයේදී ඉරානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පසුව, මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු යළි…

ජපානය මුහුදු ජලයෙන්ම යාත්‍රා කරන නාවික යාත්‍රාවක් නිපදවයි

ජපානය නාවික ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අඩු කිරීමේ නව පියවරක් ලෙස මුහුදේදීම හයිඩ්‍රජන් ඉන්ධන නිපදවා භාවිතයට ගන්නා තාක්ෂණයන් වර්ධනය කරමින් සිටී; එමඟින් සාම්ප්‍රදායික ඉන්ධන මත යැපීම අඩු කර තිරසාර නාවික ගමනාගමනයක් සදහා මාවත විවර කිරීමට ඔවුහු උත්සාහ කරති . මෑතදී වාර්තා වූ ව්‍යාපෘති අතර, මයිට්සුයි O.S.K. ලයින්ස් (MOL) සහ අනෙකුත් ජපන් ආයතන මුහුදේදී හයිඩ්‍රජන් නිපදවීම, හයිඩ්‍රජන්…

Kinsberry හෝටලය අවුරුද්දට ලක්ෂ 20 ගානේ අවුරුදු 30 බදු දීමේ ජාවාරමකට සැරසෙනවාද?

ශ්‍රී ලංකා රජයට අයත් කොළඹ නගර මධ්‍යයේ පිහිටි අතිශය වටිනා “කිංග්ස්බරි” (The Kingsbury) හෝටල් භූමිය දීර්ඝකාලීන බදු ඔප්පුවකින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වෙත පැවරීමේ අතිදැවැන්ත මූල්‍ය වංචාවක සහ දූෂිත දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සචින් රත්වත්තේ විසින් අනාවරණය කර තිබේ. ඔහුගේ අනාවරණයට අනුව, කොළඹ වාණිජ නගරයේ හදවත බඳු ප්‍රදේශයක පිහිටි අක්කර පහහමාරක (පර්චස් 880ක)…

හඳුන්කූරු සුවඳ පිටුපස සැඟවුණු පිළිකා අවධානම

හඳුන්කූරු සුවඳ පිටුපස සැඟවුණු සෞඛ්‍ය අවදානම භක්තිය, සුවඳ සහ සෞඛ්‍යය අතර අප අවධානය යොමු කළ යුතු සත්‍යය ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල උදෑසන සහ සවස හඳුන්කූරු දැල්වීම සාමාන්‍ය පුරුද්දකි. බුද්ධ පූජා, ආගමික වතාවත් හෝ නිවස තුළ සුවඳක් පවත්වා ගැනීම සඳහා හඳුන්කූරු භාවිතා කිරීම බොහෝ දෙනෙකුගේ දෛනික ජීවිතයේ කොටසක් වී තිබේ. හඳුන්කූරකින් විහිදෙන සුවඳ මනසට සන්සුන් බවක්…

IMF වාර්තාවේ ඩොලර් මිලියන 808 අතුරුදන් වෙලාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කර ඇති පිටු 143කින් යුත් නවතම වාර්තාව මේ වන විට මෙරට දේශපාලන කරළියේ දැඩි කතාබහකට ලක්ව තිබේ. විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක යන මහත්වරුන් පසුගියදා මාධ්‍ය හමුවලදී විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ 2025 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 808ක…

සම්පත් විශ්ව ගාස්තුවට දැඩි විවේචන

සම්පත් විශ්ව ගාස්තුවට දැඩි විවේචන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව, ඔවුන්ගේ “සම්පත් විශ්ව” E-banking සේවාව සඳහා වාර්ෂිකව රු. 1200 අය කිරීමේ තීරණය පාරිභෝගිකයින් අතර දැඩි විවේචනට ලක්ව තිබේ. දැනටමත් සම්පත් විශ්ව  පහසුකම ලබාගෙන ඇති මිලියන 1ක් පාරිභෝගිකයන්ගෙන් බැංකුවට ලැබෙන වාර්ෂික ආදායම  බිලියන 1.2 ක් වන අතර, විවේචකයන්ගේ අදහස් අනුව මෙය අසාධාරණයකි. E-Banking…

විමල්, අනිත් අයත් ඔයා වගේ ලොකු වැඩ කරනකම් ඉවසන්න

අම්බිකාට තව කාලය දෙන්න, විමල් මහතාණෙනි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි අම්බිකා තූර්ය වාදක කණ්ඩායමක් පෙරටු කොටගෙන, බුලත් අතක් දී පිළිගෙන, උත්සවාකාරයෙන් ගොස් පාසලක වැසිකිළියකට මුල්ගල තැබීම පිළිබඳව විමල් වීරවංශ මහතා විවේචනය කරමින් ප්‍රකාශ කළේ, එම සිදුවීමෙන් ඔවුන් කොතරම් “පොඩි මිනිස්සුද” යන්න පැහැදිලි වන බවයි. එහෙත් විමල් වීරවංශ මහතා තේරුම් ගත යුතු කරුණක් ඇත. අම්බිකා මන්ත්‍රීවරිය…

ස්වීඩනය smart board අතහැර පොත්,පත් හා පෑන්,පැන්සල් වෙත මාරුවේ

ගෝලීය වශයෙන් තාක්ෂණයේ ඉහළම ප්‍රතිලාභ ලබන සහ ලොව දියුණුම ඩිජිටල් යටිතල පහසුකම් සහිත රටක් වන ස්වීඩනය, සිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ ‘අධි-ඩිජිටල්කරණ’ (Hyper-digitalization) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමට තීරණය කර තිබේ. පන්තිකාමර තුළ මෙතෙක් භාවිත කළ ටැබ්ලට් පරිගණක සහ ලැප්ටොප් වෙනුවට යළිත් සාම්ප්‍රදායික මුද්‍රිත පොත්, පෑන සහ කඩදාසි වෙත නැඹුරු වීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළක් එරට…