Author Archives: Punsilu Jayasinghe

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

96

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2021 වර්ෂයේදී රජයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ඉදිකිරීම් සැලසුමක් අනුමත කිරීමේදී, නීතිගත ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් අදාළ අයදුම්කරුට අයුතු වාසියක් සලසා දීම සහ ඒ හරහා “දූෂණය” නමැති වරද සිදු කිරීම ඔහුට එල්ල වී ඇති…

කෝප් නියෝගයෙන් කළ ගල්අඟුරු විගණනය කතානායකට: රු. බිලියන 2.2ක පාඩුවක් හෙළිවේ

94

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට 2025/2026 වාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ අක්‍රමිකතා, ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් සහ දැවැන්ත මූල්‍ය අලාභයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කළ විශේෂ විගණන වාර්තාව අද (07) පාර්ලිමේන්තුවට භාර දී තිබේ. පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව කතානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, එය…

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කළුරාජ්‍යය අර්බුදයට ලක්වේ.

15

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වෘත්තීය සංගම් සහ අමාත්‍යාංශ පරිපාලනය අතර ඇති සම්බන්ධය දිගු කාලයක් පුරා සංකීර්ණ හා විවාදාත්මක ස්වභාවයක් ගත් එකකි. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමය, ජනතාවගේ ජීවිත සමඟ සෘජුව සම්බන්ධ වීම හේතුවෙන් ඉතිහාසයේ බලවත්ම වෘත්තීය සංගම් අතර එකක් ලෙස ක්‍රියාකරයි. මෙම බලය වැඩ වර්ජන වැනි ක්‍රියාමාර්ග හරහා රජයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට භාවිතා වූ…

2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක්

12 1

2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක් බව ඇමැතිවරයා පවසයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසර ලෙස 2025 වර්ෂය සැලකිය හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. ඇතැම් පාර්ශව විසින් 2028…

“මිදිගම චූටි” දිවයිනට රැගෙන එනු ලැබීය.

4 1

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන එනු ලැබීය. ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙකි….

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ වැදගත් පියවරක්

2 1

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ වැදගත් පියවරක් ලෙස, මාර්තු 26 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩදාසි නොමැති (paperless) නඩු විභාගයක් පැවැත්වුණා. මෙම නඩුවට ප්‍රධානත්වය දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධාන විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතායි. ඔහු සමඟ විනිසුරු අර්ජුන ඔබේසේකර   සහ  සෝභිත රාජකරුණා මහත්වරුද සහභාගී වුණා. මෙය අධිකරණයට අපහාස කිරීම (Contempt of Court) සම්බන්ධ නඩුවක්. 2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග…

නෙදර්ලන්තේ අගමැති ධුරයා අවසන් කර බයිසිකලයෙන් ගෙදර යයි

1

නෙදර්ලන්තයේ හිටපු අගමැතිවරයා වන Mark Rutte තම ධූර කාලය අවසන් කිරීමෙන් අනතුරුව, සාමාන්‍ය පුරවැසියෙකු ලෙස බයිසිකලයෙන් ගෙදර යන දර්ශන සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයට ලක්ව ඇත. ඔහු දිගු කාලයක් පුරා Netherlands අගමැතිවරයා ලෙස සේවය කරමින් සිටි අතර, සරල ජීවිත රටාවක් පවත්වාගෙන යාම නිසාම ජනප්‍රියත්වයට පත් විය. ඔහු බොහෝ විට දෛනික කටයුතු සඳහා බයිසිකලය භාවිතා කිරීමත්,…

CCTV කැමරා පද්ධති භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩ

8

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නව ක්‍රමවේදයට අනූව මාර්ග ආරක්ෂාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් CCTV කැමරා පද්ධති භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනාගෙන දඩ නියම කිරීමේ ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී. මෙම ක්‍රමය යටතේ, මාර්ගවල ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් රථවාහන නීති කඩ කිරීම (උදාහරණයක් ලෙස – රතු ලයිට් කඩ…

මස් කඩයට රැගෙන ගිය සුනඛයන් හත්දෙනෙකු කිලෝමීටර් 17ක් ගෙවා යළි නිවෙස් කරා ආ ආශ්චර්යමත් පුවතක් චීනයෙන්!

7

ඊසානදිග චීනයේ ජිලින් පළාතේ චැංචුන් ප්‍රදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වේ. සුනඛ මස් කඩයක් වෙත රැගෙන යාම සඳහා සොරුන් විසින් පැහැරගනු ලැබූ සුනඛයන් හත්දෙනෙකු, සොරුන්ගෙන් මිදී කිලෝමීටර් 17ක දුෂ්කර ගමනක යෙදෙමින් ආරක්ෂිතව සිය නිවෙස් කරා පැමිණීමට සමත්ව තිබේ. මාර්තු 16 වන දින කාර්යබහුල අධිවේගී මාර්ගයක් ඔස්සේ මෙම සුනඛ රංචුව ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට…

ලෝකාන්තයෙන් ප්‍රපාතයට ඇද වැටුණු වෛද්‍ය සිසුවිය දිවි බේරාගනී

6

හෝටන් තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්තය නැරඹීමට ගිය කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක කුඩා ලෝකාන්තය සහ ප්‍රධාන ලෝකාන්තය අතර මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද දින අඩි 40ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සිය සරසවි මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට සහභාගී වී සිට ඇති අතර, මාර්ගයේ ගමන් කරද්දී කකුල ලිස්සා යාමෙන් මෙම අනතුරට මුහුණ…