Category Archives: Main News

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අනාවරණය වේ!

සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද (මැයි 20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ මෙසේය “ස්වාමීනි, අද දින පිටු 14ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත්…

සාක්ෂි මියයන විට නඩුත් මියයයි

ඕනෑම අපරාධ නඩුවක සත්‍යය උසාවියට ඔප්පු වන්නේ කටකතා, දේශපාලන කතා හෝ සමාජ මාධ්‍ය චෝදනා මත නොවේ. එය ඔප්පු වන්නේ සාක්ෂි මතය. එම සාක්ෂි අතරින් ප්‍රධානතම දෙක වන්නේ භෞතික සාක්ෂි සහ ජීවමාන සාක්ෂිකරුවන්ය. නමුත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා නැවත නැවතත් දැකිය හැක්කේ, මහත් ආන්දෝලනාත්මක නඩු වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවන්, සැකකරුවන් හෝ තොරතුරු හෙළිකරන්නන් සැකකටයුතු ලෙස මියයාම,…

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළසිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) උදෑසන කොල්ලුපිටිය, පෙඩ්‍රිස් පෙදෙසේ පිහිටි ඔහුට අයත් නිවසකදී මියගොස් සිටියදී හමුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මරණය සැකසහිත බවට සැලකිල්ලට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවයි. වාර්තා වන ආකාරයට ඔහුගේ සිරුර නිවස තුළ එල්ලී සිටි අයුරින් සොයාගෙන ඇති අතර, මරණයට හේතුව…

ජාතික ජන බලවේගයේ අසාර්ථකත්වය හා රටේ දේශපාලන අනාගතය

ජාතික ජන බලවේගය අසාර්ථක වීම තුළ ඇතිවන තත්ත්වය, සරලව එක් දේශපාලන සන්ධානයක පරාජය පිළිබඳ කතාබහක් ලෙස සීමා කළ නොහැක. එය ශ්‍රී ලංකාවේ ජනතා මනෝභාවය, විශ්වාස පද්ධති සහ දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වඩාත් දියුණු සමාජ ක්‍රම වෙනසක් පිළිබඳ ගැඹුරු බිඳවැටීමක් ලෙස අවබෝධ කරගත යුතු කරුණකි. මෙහි මූලික ප්‍රශ්නය වන්නේ, මෙවැනි බලවේගයක් අසාර්ථක වීම ජනතාව විසින්…

කරන්දෙනියේ රාජුට ඇඟිල්ල දිගුවන ඝාතන 48 නම් ලැයිස්තුව…

ඉන්දියාවේ සිට පෙරේදා (18) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැත්තා මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය සඳහන් කළේ, ඔහු ‘කරන්දෙණියේ සුද්දා’ නමැති අපරාධකරුවාගේ සොහොයුරා බවයි. අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලබාගත් තොරතුරු අනුව, ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා…

ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අගමැතිනිය හමුවෙයි

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති  ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාරිය හරිනි අමරසූරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අරලිය ගහ මන්දිරය  වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිතුමන්ව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්දියානු උප ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳවද ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා වෙත…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවත් විශ්වාසභංගයක් !

ඉරානය සමඟ පවතින උණුසුම් තත්ත්වය සහ Strait of Hormuz සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී පසුබිම මත, Donald Trumpගේ හදිසි ආරක්ෂක තීරණ සම්බන්ධයෙන් වොෂින්ටනයේ දේශපාලන උණුසුම දැඩි වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ඇමෙරිකානු සෙනෙට් සභාවේ හදිසි විශේෂ සැසියක් කැඳවා ඇති අතර, ජනාධිපති බලතල සහ යුධමය ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි සාකච්ඡා ආරම්භ වී ඇත. සෙනෙට් සභිකයන් පිරිසක් විසින්, ජනාධිපතිවරයා…

කෝප් නියෝගයෙන් කළ ගල්අඟුරු විගණනය කතානායකට: රු. බිලියන 2.2ක පාඩුවක් හෙළිවේ

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට 2025/2026 වාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ අක්‍රමිකතා, ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් සහ දැවැන්ත මූල්‍ය අලාභයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කළ විශේෂ විගණන වාර්තාව අද (07) පාර්ලිමේන්තුවට භාර දී තිබේ. පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව කතානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, එය…

අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල මූල්‍ය වංචා රැල්ලක් පිළිබඳ පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය සමඟ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් මූලස්ථානය අනතුරු අඟවා තිබේ. උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමත් සමඟ, ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම වංචාකරුවන්ට අවස්ථාවක් වී…

ප්‍රසාද් හේමන්ත කුමාර නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස පත් වෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා අද (2026/04/03) සිට පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. දිගු කාලයක් බන්ධනාගාර සේවයේ නිරතව සිටි, විශාල අත්දැකීම් ඇති නිලධාරියෙකු වන ඔහු, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙසද කටයුතු කරමින් කාර්යසාධනය තුළ විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබේ….