Category Archives: Main News

අනුරගෙන් ආයෝජකයන්ට වසර දහයක බදු සහන

රජයේ නව ආර්ථික ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා දීර්ඝ වන සුවිශේෂී බදු සහන මාලාවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ටයිම්ස් වාර්තා කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සඳහා වන නව චක්‍රලේඛය භාණ්ඩාගාරය මගින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සංචාරක,…

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට එරෙහි පෙත්සම: හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ වත්මන් ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට රජය ලබා දී ඇති අවසරය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල…

අනුරගේ ඇමතුමෙන් පසු ඉන්දු- පාකිස්තාන තරඟය ස්ථීරයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබෙනවා. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරඟය වර්ජනය…

බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා, “බස්…

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක්

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසියක් යැවීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කර තිබෙනවා. ඒ…

T20 ලෝක කුසලානය අදින් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතයි. අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බටහිර…

ශිරන්තිගේ ID අංකය දාලා තියෙන්නේ බැංකු නිලධාරියෙක් – මහින්ද පතිරණ

ශිරන්තිගේ ID අංකය දාලා තියෙන්නේ බැංකු නිලධාරියෙක් – මහින්ද පතිරණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුමට ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222V ලෙස සටහන් වීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණ මහතා අදහස් පල කර තිබුණා. ඔහු එහිදී සඳහන්…

ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට

ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු ඔහු පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව…

වසන්ත සමරසිංහට කේස් එකක්

වසන්ත සමරසිංහට කේස් එකක් දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර…

මේ ආණ්ඩුවට අවුරුදු 2කට කලින් යන්න වෙනවා – ජගත් විතාන

මේ ආණ්ඩුවට අවුරුදු 2කට කලින් යන්න වෙනවා – ජගත් විතාන , වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වසර දෙකක් ගත වීමට පෙර ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදු වන බව කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. 2029 වසරේදී ජනාධිපති ධූරය දැරීමට සුදුසු පුද්ගලයා කවුරුන්ද යන වග පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු…