බස් ගාස්තු පෙරගෙවූම් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බැංකු විසින් අය කරනු ලබන අධික කොමිස් මුදල හේතුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසතුටක් පළ කරන බව එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කරයි. බස් රථවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පහසුකම සැපයීම පිළිබඳව රජයට ස්තූතිවන්ත වන බව රණසිංහ…
Category Archives: Main News
ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය. ඒ අනුව උතුරු, උතුරු…
දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ. තවද මේ වන විට ඇති වූ අයහපත් කාලගුණයත් සමග පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. සම්පූර්ණ නිවාස හානි 2ක් වාර්තා…
පොලිසිය, සිය ආයතනය, අභ්‍යන්තර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. පොලිසිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තුළ, මේ වන විට දූෂිත පොලිස් නිළධාරීන් හාර සියයකටත් වඩා වැඩි පිරිසක් පොලිස් සේවයෙන් නෙරපා ඇති බව පැවසේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වීම සහ බලය අවභාවිතා කිරීම නෙරපන ලද…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) සිය පනස් හත්වන උපන්දිනය සමරනවා. ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන දිසානායක මහතා, 1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබීය. ඔහු උතුරු මැද පළාතේ තඹුත්තේගම හි හැදී වැඩුණු අතර එහිදී ඔහු තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයට ඇතුළත්…
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 827 ක් ලැබී ඇති බව වාර්තා වෙයි. 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 138% ක වැඩිවීමක් මෙහිදී සටහන් වන අතර, කොටස් ප්‍රාග්ධනය, නැවත ආයෝජනය, අන්තර් සමාගම් ණය සහ දිගුකාලීන වාණිජ ණය ලෙස මෙම මුදල් ලැබී…
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදු කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නොවන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කර සඳහන් කර ඇත. අදාළ ඉඩමේ සිටින පුද්ගලයන්ට යෑමට තැනක් සොයාගැනීම තෙක් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඇය අදහස් කළ බවද, වචන භාවිතය පිළිබඳ ප්‍රවේශමක් තිබිය යුතු නමුත් අරමුණේ වෙනසක් නොමැති බවද වාර්තා වෙයි. “අධිකරණ…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා ඇත. මෙරටට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, එය 2010 සිටම අලුත් වෙමින් පැවති යෝජනාවක් බව සඳහන් කර ඇත. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය දිනා ගතහොත් එම යෝජනාව ඉදිරියට ගෙන යා නොහැකි බවද වාර්තා…
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද පෙරවරු 6.05 ට යෙදුණු සුබ මොහොතින් සිදුකර ඇති බව වාර්ථා වේ. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින ද, අවසන්…











