Category Archives: Main News

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට- ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය

ආපදා සහන සහ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට ,  ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ (දෙසැම්බර් 22 සඳුදා) ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්…

විපතට පත් වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රුපියල් මිලියන 250 ක පරිත්‍යාගයක්

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250 ක මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම අරමුදලේ සභාපතිනිය වන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් එම මුදල අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ. බුද්ධශාසන, ආගමික සහ…

ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල…

ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (07)  මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 190ක් තවමත් අතුරුදන්ව ඇත. පවුල් 611,530කට අයත් පුද්ගලයින් 2,179,138ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක්…

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්…

අයවැය සම්මත කරගන්න පෙර පාර්ලිමේන්තුවට ආ ජනපතිගෙන් සංවේදී ප්‍රකාශයක්

ආපදාවෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි නමුත් ආණ්ඩුවක් ලෙස ජීවත්ව සිටින පිරිසට වඩාත් සුදුසු ගුණාංගවලින් සමන්විත රටක් හිමිකර දීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී ඇති අතර, එවැනි ඉරණමක් නැවත ඇති නොවීමට වගබලා ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ආපදා හේතුවෙන් මේ වනවිට…

දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය. නමුත් ඊශානදිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බව ද ඒ…

ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (03) උදෑසන10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 356ක් අතුරුදන්ව ඇත. පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ…

කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට යා හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන

කැලණි ගඟ පිටාර ගැලීමත් සමග ඉවත් කරන ජනතාව රඳවා තැබීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන රැසක් පිහිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ පවසනවා. ඒ අනුව ඉවත්වීමේ සහ අවධානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව එම මධ්‍යස්ථානවලට යොමුවී ආරක්ෂිතව රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 20ක්…

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට ඉවත්වන්නැයි උපදෙස්

කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් එම දැනුම්දීම කර ඇත. ඒ අනුව, කඩුවෙල – මාලබේ,  අතුරුගිරිය –  මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා…