Category Archives: Main News

හිටපු අමාත්‍ය කෙහෙළිය මහතා CIDයට…….……

WhatsApp Image 2025 04 09 at 13.11.42 1

අප්‍රේල් 09 වන අද දින උදෑසන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව සඳහන් කර ඇත. Views: 125

පළාත් පාලන පෙත්සම් 37 ක් අද විභාග කෙරේ…….……

WhatsApp Image 2025 04 02 at 13.10.14

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් පක්ෂ කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද යලි කැදවීමට නියමිතව ඇත. ඊයේ දින අභියාචනාධිකරණය විසින් එතෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම අද තෙක් අත්හිටුවීමට නියෝග කර ඇත. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන…

IOC ඉන්ධන මිල සංශෝධනය කරයි…….……

ioc web

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ දින මධ්‍යම රාත්‍රි​යේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. *…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක්…….……

gelanigama web

අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ලොරි රථයක්, වෑන් රථ 2ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර ඇත. තුවාල ලැබූවන්ගේ තත්වයද බරපතල නොවන බවත්, අනතුරින් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් එල්ල වී නැති බවත් වාර්තා වේ….

මියන්මාරයේ භූමිකම්පා විපත…….……

miyanmaraya web 1

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි රික්ටර් මාපකයේ 7.7 ක විනාශකාරී භූමිකම්පාවක් ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 1,600 ක් මිය ගොස් පුළුල් විනාශයක් සිදු වී ඇත. ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන්වලින් දිවි ගලවා ගත් අය ඉවත් කරමින් සිටියද, හානි වූ මාර්ග සහ යටිතල පහසුකම් හේතුවෙන් ආධාර ප්‍රයත්නයන්ට බාධා එල්ල වී ඇති බව සඳහන්…

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක් …….……

WhatsApp Image 2025 03 26 at 10.21.56

නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත. අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහතා, යසන්ත කෝදාගොඩ මහතා, ශිරාන් ගුණරත්න මහතා, අචල වෙන්ගප්පුලි මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා…

SAMSUNG උප සභාපතිතුමා අභාවප්‍රාප්ත වෙයි. …….……

WhatsApp Image 2025 03 25 at 11.10.25

SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වේ. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහු මිය යන විට 63 හැවිරිදි වියේ පසු වන බව වාර්තා වේ. Views: 141

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීමක් …….……

WhatsApp Image 2025 03 24 at 14.38.28

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව ව්‍යාජ කරුණු සහිතව සකසා ඇත. මෙම නිවේදනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට කිසිවෙක් සලස්වා ඇති බවත් එම ව්‍යාජ නිවේදනයේ දැක්වෙන කිසිදු තීන්දුවක් ගෙන නොමැති…

මේ මස අග සිට පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබා දීමේ තීරණයක්

pol web

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන්…

වාද්දුව වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනේ …….……

crime web

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කර ඇත. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත. Views: 119