Category Archives: Main News

පානදුර පාසල් සිසුන් දෙදෙනෙක් මුහුදේ ගිලී අතුරුදහන් වෙයි………..……

පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ කර ඇත. අප්‍රේල් 16 වන ඊයේ දින සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙන…

රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්………..……

අප්‍රේල් 16 වන අද දින රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව සදහන් කර ඇත. එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන…

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු සූර්ය පැනල අක්‍රීය කරන ලෙස ඉල්ලීමක්……….……

ලංකා විදුලි බල මණ්ඩලය විසින් උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ…

කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ 80 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරේ……….……

කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් ඇතුළත් කර ඇත. කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් 30ක් පමණ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එසේම ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ද ඇතුළත් කර ඇති බව රෝහල් වාර්තා සඳහන් කර…

පිල්ලෙයාන් මහතා දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබේ……………

පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් මීට පෙර රදවාගෙන ප්‍රශ්න කර ඇත. නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන…

ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතාට නයිට් පදවියක් පිරිනැමේ……………

එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔහු 42 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් වෙමින් කඩුලු 704ක් ලබා ගනිමින් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා…

කථානායක VAT සංශෝධන පනත් කෙටුම්පතට අත්සන් තබයි……………

අප්‍රේල් 11 වන අද දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කර ඇත. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9වනදා පැවැත් විය. එහිදී සංශෝධන සදහා කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී…

කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි……………

අප්‍රේල් 11 වන අද දින අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. යතුරුපැදියක් සමග සැක කටයුතු පුද්ගලයෙක් රැඳී සිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වේ. රාගම රෝහලට තුවාල ලැබූ සැකකරු ඇතුළත් කර ඇති බව…

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙදෙනෙක් අත්අඩංගුවට ගනී……………

ආගමන හා විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03 කට පමණ පෙර මෙරටට පැමිණ ඇත. ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා…

වාලච්චේන, මන්නන්කර්ති ප්‍රදේශයේ ළිඳකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි…….……

අප්‍රේල් 09 වන ඊයේ දින උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. වයස අවුරුදු 33 ක් වූ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂ‍යට පත්ව ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ. Views: 158