Category Archives: Main News

පසුගිය කාල සීමාවට සාපේක්ෂව රන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වේ ………….……

පසුගිය සති තුන තුළ දේශීය රන් මිල රුපියල් 20,000 කට වඩා පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. රන් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස විශ්ලේෂකයින් පෙන්වාදී ඇත්තේ අප්‍රේල් 2 වන දින එක්සත් ජනපදය සිය සියලුම වෙළඳ හවුල්කරුවන්ට පැනවූ අන්‍යෝන්‍ය තීරුබදුයි. අප්‍රේල් 22 වන දින, දේශීය රන් මිල පැය 24 ක් ඇතුළත රුපියල්…

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට……

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට (19) රාත්‍රී 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත බව වාර්තා වී ඇත. ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගි වීමට සිටින බව වැඩි දුරටත්…

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරක්………….……

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 21 ක් මියගොස් ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මියගිය පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක සහන මුදලක් ලබාදීමට උපදෙස් ලබාදී ඇති අතර, ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. Views: 151

නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට………….……

තම පුද්ගලික ආරක්ෂක සේවා ව්‍යාපාරයේ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධ නීතිමය ගැටළුවක් නිසා නිකුත් කළ අධිකරණ සිතාසි නොලැබීම හේතුවෙන් වැලිකඩ පොලීසිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (11) දිනයේදී සැමියාගේ මෝටර් රථ අනතුර හේතුවෙන් පොලීසියට පැමිණි අවස්ථාවේදී වරෙන්තු තිබෙන බව පවසා ඇය අත්අඩංගුවට ගෙන ඇත. සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කළේ, තමන් නඩු සම්බන්ධ සිතාසි නොලැබීමේ…

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය………………

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් ඇත. අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත. අදාළ ප්‍රතිශතයන් පහතින්. * මාතර – 42% * මන්නාරම – 40% * ත්‍රිකුණාමලය – 36% * බදුල්ල – 36% *…

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි………………

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත. එමෙන්ම එතුමා මිය යන විට ඔහු 69 වියේ පසු වන බවද වාර්තා වේ. ඔහු ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, වැනි ගීත අතිශය ජනප්‍රියතාවයට පත් වී ඇති බවද සදහන් වේ. Views: 136

තැපැල් ඡන්දය භාවිතා කරන අයට දැන්වීමක්………….……

මැතිවරණ කොමිසම විසින් 2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත වෙනුවට…

අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරයි………….……

මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වූ බවද සදහන් වේ. Views: 160

අවුරුදු සමයේ ලංගමට රුපියල් මිලියන 1,300 ක ආදායමක් ලැබේ…..

ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මෙවර සිංහල…

අද දින සිට ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ වේ………………

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බවද දන්වා ඇත. ඒ අතර මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙන බව සඳහන්…