Category Archives: Main News

මේ මස අග සිට පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබා දීමේ තීරණයක්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන්…

වාද්දුව වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනේ …….……

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කර ඇත. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත. Views: 141

සෞඛ්‍ය වෘත්තියවේදීන් අද වැඩ වර්ජනයක …….……

මාර්තු 18 වන අද දින, සෞඛ්‍ය වෘත්තියවේදීන් පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව අද උදෑසන 07.00 සිට මෙම සංකේත වැඩ වර්ජනය අරඹන බව එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා සඳහන් කර ඇත. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඔවුන් මෙම තීරණය…

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංකේත වැඩ වර්ජනයක් හෙට …….……

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. ඒ අනුව කලින් සැලසුම් කල පරිදි මාර්තු 18 හෙට දින උදෑසන 07.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. Views:…

දිවයින පුරා වැසි සහිත කාලගුණයක් …….…

නැගෙනහිර, ඌව,බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ප.ව. 2.00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි…

පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ …….……

අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර ඇති බව දැනුම් දෙයි. ඒ අනුව මාර්තු 15 වන අද දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යයි …….……

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. අද දින වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.11ක් ලෙස දැක්වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බව සදහන් වේ. එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බවද සදහන්…

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් …….……

මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්…….. විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට දැනුම්දීමක් සිදුකර ඇත. එවැනි අපේක්ෂකයෙක් සිටිනවා නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා…

දිවයිනේ තැනින් තැන වැහිබර කාලගුණයක් …….……

මධ්‍යම, වයඹ සහ ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි …….……

මාර්තු 13 වන අද දින මැදින් පුර පසළොස්වක පොහොය දිනය වේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය දිනය සදහන් වේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබුණු බව වාර්තා වේ. Views: 148