Category Archives: Main News

දිවයින පුරා වැසි සහිත කාළගුණයක් …….……

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දන්වා ඇත. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය,පොළොන්නරුව සහ හම්බන්තොට…

පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිපයකට ස්ථාන මාරුවීම් …….……

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති පොලිස් මූලස්ථානය සදහන් කර ඇත. ඒ අනුව, මෙලෙස ස්ථාන මාරුවිම් ලබා දී ඇත්තේ, එච් එන් අසංක, ජී ඒ බී ගුණතිලක, කේ කේ ගුණසේකර, ආර් පී අමරසිංහ, ආර් එච් පී ගුණසේකර යන…

ජාත්‍යන්තර කාන්තා දිනය අද …….……

1977 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබේ. ‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා…

දිවයින පුරා අද දිනත් වැසි රහිත කාළගුණයක්…….……

මාර්තු 08 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, උදෑසන කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද දන්වා ඇත. දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ…

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය අද…….……

මාර්තු 07 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය ද වේ. අද දිනයේ ප්‍රවාහන, මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට ද නියමිත බව සදහන් වේ. තවද, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21…

අද දිනත් දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්…………

මාර්තු 06 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින පුරා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. තවද ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් වාර්තා වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට.…

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කරන බව පවසා ඇත. තවද, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට වැඩිදුරටත් උපදෙස්…

රිය අනතුරු අවම කිරීමට පොලීසියට නව තාක්ෂණයෙන් යුත් Speed Gun……………

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දී ඇත. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බවත් මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස…

නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වේ……………

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකය මගින් නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවට වාර්තා වේ. ඒ අනුව නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් බව ද සඳහන් වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පවසා ඇත්තේ ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී…

අදත් දිවයිනට වැහිබර කාළගුණයක් …………

උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත,ඌව පළාත,බස්නාහිර පළාත, සබරගමුව පළාත වැනි පළාත් වල වැසිවාර කිහිපයක් ඇතිවන අතර අදාළ දිස්ත්‍රික්ක වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසයි. දකුණු,ඌව,සබරගමුව,බස්නාහිර පළාත්වලත් ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට මි.මි.75 පමණ තද වැසි ඇති විය හැකි බවත් පවසයි. ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි, තද සුළං වලින්…