Author Archives: Rapidnews Admin

රතු නිවේදනයට අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත්කිරීමට දැනුම්දීමක්

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග…

පේරාදෙණි සරසවියේ හානිය බිලියන හයක්

පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. නොවැම්බර් 27 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන්  හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වූ අග්‍රාමාත්‍යවරිය දෙසැම්බර් 07 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ බව සඳහන් කළා ය.   අධ්‍යයන ගොඩනැගිලි,…

විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසනවා. ඒ අනුව අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම, ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි සිදු කිරීම නොකරන ලෙසත්, එවැනි ක්‍රියා සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්…

ජපානයේ භූ කම්පනයෙන් දහස් ගණනක් නිවාස අතහැර යයි

ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් හටගත් අතර භූ කම්පනයක් සමග ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබුණි. කෙසේවෙතත්…

විපතට පත් වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රුපියල් මිලියන 250 ක පරිත්‍යාගයක්

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250 ක මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම අරමුදලේ සභාපතිනිය වන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් එම මුදල අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ. බුද්ධශාසන, ආගමික සහ…

තායිලන්තයෙන් කාම්බෝජයට ගුවන් ප්‍රහාර

තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ මෙලෙස ප්‍රහාර දියත්ව ඇති බවය. තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර…

මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12,000 කට මුද්‍රා තබයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වූ මස් කිලෝග්‍රෑම් 12,000 ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1926 ට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මස් තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මහජන සෞඛ්‍ය…

ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබේ. මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බව ‘Beard Before Wicket’ නම් යූටියුබ් නාලිකාව හා එක්ව පවසා ඇත. “මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගිහින් නෑ. මම ඒ…

ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල…

මෝසම් වැසි එනවා.. සූදානම් වෙන්න..- කාලගුණේ

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50…