Category Archives: Local

ටෙලිකොම් ආයතනය සදහා නව සභාපතිවර‍යෙක් පත් කෙරේ…..

slt web

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා පත්කර තිබෙනවා. ඒ අනුව එම පත් කිරීම අද (04) සිට ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් ද සිල්වා, විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක් ද වන අතර ඔහු ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද…

කාලගුණ වාර්තාව…..

rain web5

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ…

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ…..

court web

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කරයි. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත්…

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස සුනිල් ජයරත්න පත් කෙරේ….

aviation web

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස සුනිල් ජයරත්න මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ජයරත්න මහතා අද (04) කටුනායක ප්‍රධාන කාර්යාලයේදී මෙම නවතම ධුරයේ රාජකාරි ආරම්භ කළේය. සුනිල් ජයරත්න මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 37 වසරක කාලයක් සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස…

විදේශ ගමන් බලපත්‍ර ගැටලුව දෙසැම්බර් දක්වා?

passport web 1

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර 500000 ක් මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අගභාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ…

ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ….

laugf gas

නොවැම්බර් මාසයේදී ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.05 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,474ක් වන පරණ මිල ගණන් යටතේම මෙම මාසයේදීත් අළෙවි කිරීමට නියමිත අතර ලෝක වෙළදපලේ එල්. ජී ගෑස් මිල ඉහළ යාමක්…

තානාපතිවරු, මහ කොමසාරිස්වරු නැවත කැඳවයි….

sri web

විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනකුට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් මේ බව දැනුම් දී තිබෙන බව ද සඳහන් වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත ලෙස…

පෙර නොවූ විරූ අගයකින් රත්‍රන් මිල ඉහළට….

gold web

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්‍රන් මිල ගණන් රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්‍රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ…

පැය 12ක ජල කප්පාදුවක්…..

water web

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජා ඇල, කටුනායක, / සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය…

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – ගම්පහ පොලිස් ස්ථානය….

notes web

2024.11.03 වන දින උදෑසන කාලයේ ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 25 ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගම්පහ පොලිසිය…