රුසියාවේ Azur එයාර් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය සෘතුමය ශීත ගුවන් ගමන් නිල වශයෙන් නැවත ආරම්භ කර ඇති අතර පළමු ගුවන් ගමන ඊයේ (නොවැ 06) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ළඟා විය. මගීන් 332 ක් රැගත් මෙම මංගල ගුවන් යානය උදෑසන 10:05 ට පමණ (BIA) වෙත ළඟා විය. මෙහිදී චාරිත්‍රානුකූල ජල ප්‍රහාරක ආචාරයක්…
Category Archives: Local
අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදී ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය විසින් (05) දින සොයාගෙන ඇත. මෙම වාහනය හමුවූ ස්ථානයේ මොන්ටේරෝ, ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් ඇතුළු වාහන 12ක් තිබූ බවට පොලිසිය පවසයි. සොයාගත් ජීප් රථයේ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබූ අතර එහිදී හෙළිවූවේ, එම අංකය කුලියාපිටිය…
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් ඊයේ දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo – MRCC) සහ තොරතුරු විලායන…
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…
අල්ලස් ගත් රේගු නිලධාරීන් සිව් දෙනෙකු බරපතල වැඩ සහිත වසර තිස් පහක සිරදඬුවමකට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට අමතර කොටස් සපයන සමාගමකින් රුපියල් මිලියන 125 ක අල්ලස් මුදලක් ලබා ගත් අදාළ නිලධාරීන් 4 දෙනෙකු විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. තමන් ආනයනය කළ අමතර කොටස් මුදා හැරීම…
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහේස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා. ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ. 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කාන්තාවන්ට වඳ සැත්කම් කළැයි…
ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් වාහන 863ක් තිබෙන බව ත් එසේ සැප විඳිමින් දේශපාලකයන් පමණක් රටකට විශේෂ පුද්ගලයන් නොවිය යුතු බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නීතිය සැමට එක සමාන විට යුතු බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයෙකුට හෝ කිසි ම දේශපාලනඥයෙකුට තමන්ට රිසි සේ මහජන මුදල් නාස්ති කිරීමට ඉඩ නොතැබිය යුතු බව ත් ඊට…
මැගසින් බන්ධනාගාරගත රැඳවූවකුගේ ඥාතියකුට අයත් බව කියන ජංගම දුරකතන අලෙවිසලකින් ජංගම දුරකතන 10ක් ලබා ගෙන ඉන් දුරකතන හයක් අදාළ රැඳවූවාට ලබා දී ඔහුගේ ඥාතීන් සමග ද දුරකතනයෙන් සබඳතා පැවැත්වූ බව කියන මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ හා එහි ගබඩා භාරකාර නියාමකවරයකුගේ සේවය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (නොවැ. 5) සිට අත්හිටුවා තිබේ….
අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නැමැති කාන්තාවකට රැකියාවක් ලබා දෙන බවට පවසමින් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට හට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවම අද (05) අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදී. ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් තමන් නිදොස් කරන ලෙස ඉදිරිපත්…
ඊයේ (05) සවස් කාලයේ සිට දෙහිවල ඇල මාර්ගයක ජලය රතු පැහැ වී තිබූ බවට වාර්තා වේ. රාත්‍රී කාලය වන තුරුම මෙම තත්ත්වය පහව ගොස් නොමැති අතර මෙම ජලය නැදිමාල අත්තන්ඩිය ඇළටද සම්බන්ධ වන බව තවදුරටත් සඳහන් වේ . මෙම අප ජලය මුහුදට එක් වන අතර මෙය පාරිසරිකව විශාල ගැටලුකාරී තත්ත්වයකි. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට…











