2024.11.09 වන දින කටුනායක ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් 02 ක් සිදුකර තීරු බදු රහිත විදේශීය දුම් වැටි 16400 (කාටුන් 82) ක් සහ තීරු බදු රහිත විදේශීය දුම්වැටි 61800 (කාටුන් 309) ක් ඩුබායි සිට ගුවන් මගින් මේ රටට රැගෙන ආ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන්…
Category Archives: Local
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා. දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ…
විදුලි ලත්තෑරුමක් තුළ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන කාන්තාවන් දෙදෙනෙක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවෙක් සොයා මහනුවර ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේ දී එම නිවසේ ගෙහිමියාවන සැකකරු නිවසේ නොසිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ මවගෙන් සැකකරු ගැන කළ විමසීමේදී ඔහු නිවසේ නොමැති…
කොළඹ ලේක්හවුස් ආයතන පරිශ්‍රයට මොටර් රථයක් කඩා වැදීමෙන් අද (11) අලුයම අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පැවසෙන අතර මෙම අනතුරින් ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටට හානි සිදුව ඇති බවට තවදුරටත් වාර්තා වේ. මෙම අනතුරින් රියදුරුට හානියක් සිදුව නොමැති අතර කොටුව පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර…
නෙළුක්කුලම පොලිස් වසමේ කලෛමහල් විද්‍යාලය අසලදී ඊයේ (10) සවස් කාලයේදී දෙපාර්ෂවයක් අතර ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මාර්ගයට විසි වී මාර්ගයේ ධාවනය වූ රථයක ගැටී මියගොස් ඇති බවට වාර්තා වේ. රථයේ ගැටීමෙන් පසු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවට වාර්තා වන අතර මරණකරු වයස අවුරුදු 30ක් වූ…
එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවද සදහන් වේ. තවද, මැතිවරණය හේතුවෙන් දිවයින…
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලිනි. පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ ඇති බවටද වාර්තා වේ. Views: 144
පාර්ලිමේන්තු මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමෙන් පසුව තව්ත් ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000ක් තැපැල් කාර්යාවල ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය ඔක්තෝබර් 27 වනදා සිට මේ මස 07 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදාහැරීමට කටයුතු කළ අතර අද වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…
සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම, මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු මෙසේ ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28ක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි මාතර අපරාධ කොට්ඨාසය පවසයි. මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇති අතර සැකකරු පවසා ඇත්තේ විදේශීකයන් සමග මුදල්…
BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව විසින්ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔක්තෝබර් 07 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාව BRICS සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ බවයි….











