Category Archives: Local

ආහාර පිසිමින් සිටි කාන්තාවක් මියයයි….

women web

මාතලේ, විහාරපාර ප්‍රදේශයේ නිවසක ඊයේ(12) පෙරවරුවේදී ආහාර පිසිමින් සිටි කාන්තාවක් භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිළි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ එම කාන්තාව උදෑසන කාලයේදී ආහාර පිසින අවස්ථාවේදී භුමිතෙල් ලිප පෙරළීමෙන් ගිනි ඇවිලි ඇති බවයි. මාතලේ රෝහලට ඇතුළත් කර ඇති මෙම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ඇය මිය ගොස් ඇත. මිය ගිය…

පළමු එක්දින තරගය අද…..

cricket web 3

නවසීලන්ත – ශ්‍රී.ලංකා පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, අද තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. අබාධයට ලක්ව සිටින වනිදු හසරංග මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙන අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්තයි සංචිතයට කැඳවා ඇත. පසුගියදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට…

රේගු නිලධාරීන් අකුරට වැඩ…..

custom web

රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් අද සිට නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරන පසුබිමකයි. මෙසේ චෝදනා එල්ලවීමත් සමඟ පසුගිය දිනෙක අමාත්‍ය විජිත හේරත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන…

රිලා උවදුර හේතුවෙන් පොල් වගාව විනාශයට….

monkey web

පසුගිය දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200කට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එවන් පසුබිමක් තුල රිලා උවදුරු හේතුවෙන් පොල් වගාව විනාශ වන බවට වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වේ. වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් මේ වනවිට පොල් ඇතුළු කෘෂි වගාවන් කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින්නේ එම රිලා උදුරු හේතුවෙන් බවද…

හෙට සිට වැසි වැඩිවේ….

rain1 web

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය හෙට සිට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසක දහවල් කාලයේ පවතින උණුසුම ඉහළ ගොස් ඇති බවද සදහන් වේ. Views: 158

කොටස් වෙළඳපොල ඉහළට…..

stocks web

ඊයේ දිනයේ ගණුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 113. 67කින් ඉහළ ගොස් 12988.99 ලෙස සටහන් විය. එස් ඇනඩ් පී දර්ශකයේ වර්ධනය ඒකක 32.73කි. දිනය තුල කොටස් මිලියන 132.3ක් හුවමාරුවී තිබූ අතර, පිරිවැටුම බිලියන 4.2 කි. Views: 163

ක්‍රීඩාංගනයක් තුළට මෝටර් රථයක් කඩා වැදී 35ක් මරුට…..

china1 web

චීනයේ ෂුහායි ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයක ව්‍යායාම කටයුතුවල නිරත ව සිටි පිරිසක් අතරට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් අතරින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර අදාළ අනතුරින් තවත් 43 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වේ. අනතුර සිදු කළ රියදුරු 62 හැවිරිදි අයෙකු වන අතර අනතුරින් පසුව…

දෙසැම්බර් 30 ට පෙර සියළුම ගිනි අවි භාරදෙන මෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්….

weapon web 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත් කළ ගිනිඅවි නැවත භාරදෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා…

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරින් පුද්ගලයන් දහයකට තුවාල, එක් අයෙකුට බරපතළයි….

bus web 1

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේ දී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇත. හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්තේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර…

නිල ප්‍රතිඵල වලට කලින් අසත්‍ය තොරතුරු දෙන්න එපා, මැතිවරණ කොමිසම දැනුම් දෙයි…..

election2 web

10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු හෙට (14) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 4.15ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා…