අද (දෙසැ. 23) සිට, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවීම කටයුතු ක්රියාත්මක කර ඇත. ආරක්ෂක අමාත්යාංශය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අනාගතයේදී පොලිස් නිලධාරීන් පමණක් යොදවීමට කටයුතු කරන අතර එසේම පසුගිය දිනවලදී පොලිස් නිලධාරීන් සංඛ්යාව අඩු කිරීමේ කටයුතු ක්රියාත්මක වූ අතර, මේ…
Category Archives: Local
මාලබේ චන්ද්රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්රදේශයට කිට්ටුව රාත්රී කාලයේදී වාහනවල යන පිරිස් කොල්ලකෑමේ ජාවාරමක් ගැන වාර්තා වේ. ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකරන බවයි ජනතාව පවසන්නේ. මෙම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන අතර, එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා පලා යන බවද ප්රදේශවාසීන් පවසයි. මේ හේතුවෙන්…
හිටපු අමාත්ය වාසුදේව නානායක්කාර තමන් විසින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ සම්බන්ධයෙන් විශේෂිත චෝදනා ප්රතික්ෂේප කර තිබේ. ඔහු පැවසුවේ, එම මුදල් 2014දී හදිසි වෛද්ය ප්රතිකාර කටයුත්තක් සඳහා භාවිතා කර ඇති බවයි. හෘදයාබාධයකින් පසු ස්ටෙන්ට් සැත්කමක් සඳහා රු. 500,000ක් ජනාධිපති අරමුදලෙන් ලබාගෙන, වෛද්ය නිර්දේශ අනුව පෞද්ගලික රෝහලකදී සැත්කම සිදුකළ බව ඔහු නිවේදනයකදී සඳහන් කර ඇත. අමාත්ය…
ජාතික චිත්රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්රවීණ චිත්රපට අධ්යක්ෂක සුදත් මහදිවුල්වැව පත් කර තිබේ. මෙම පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කර ඇති අතර, අද (23) සිට ක්රියාත්මක වන බව වාර්තා වේ. Views: 182
සියලු වෛද්යවරුන්ගේ අනිවාර්යය විශ්රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්රාම වැටුප් ව්යවස්ථා සංශෝධන පනත ප්රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවද එහි සඳහන් වේ. ඒ අනුව විශේෂඥ වෛද්යවරුන්ගේ, ශ්රේණිගත වෛද්ය…
මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්යාව 22,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම…
2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවය. එමෙන්ම මෙම රිය අනතුරුවලින් දේපල හානි 404ක් වාර්තා වී තිබේ. මෙම අනතුරුවලින් බොහොමයක් සිදුව ඇත්තේ වේගය පාලනය…
රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්රියේ මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස රජය මෙම පියවර ගනු ලැබු අතර තවත් සහල් මෙට්රික් ටොන් 70000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. සතොස සහ රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනය කිරීමට අවසර හිමිවී ඇති අතර පළමු සහල් තොගය…
අද (17) උදෑසන වන විට යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්යාව ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර යලි ආරම්භ වූ වර්ෂාව මෙයට හේතුව බව වාර්තා වේ. මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්යාව මේවන විට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ. මේ…
අද (17) දින පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය ජගත් වික්රමරත්න තෝරාපත් කර ඇත. ඒ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙනි. ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන් හිටපු කථානායක අසෝක රන්වල එම ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස නව් කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට සිදුවූ අතර ඔහු මෙරට 23වැනි කථානායකවරයා…











