සතිය ආරම්භය වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල සියයට 0.24කින් පහළ බසිමින්. බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය සියයට 0.5කින් පහළ ගොස් තිබුණා. Views: 161
Category Archives: Local
පකිස්ථානය සමග පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගය කඩුළු 2කින් ජයගත් දකුණු අප්රිකාව 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට. Views: 138
ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්රව්ය කිලෝග්රෑම් 4 යි ග්රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු අප්රිකානු ජාතික මෙම කාන්තාව අද අලුයම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර, මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි රේගු…
තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය දෙමින් නීති ලේඛනයට අත්සන් තැබුවේ නත්තල් දිනයේ යි. Haliaeetus leucocephalus යනුවෙන් විද්යාත්මක ව හැඳින්වෙන මේ පක්ෂියා වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ සංකේතය…
චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්යාත්මක පර්යේෂණ නෞකාව චීනයේ Guangzhou නගරයේ Nansha ප්රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබේ. එම නෞකාව සංස්කෘතික පුරාවිද්යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත වන අතර, මෙය, සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර ඇති බව වාර්තා වේ. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53 ක් ලෙස සටහන් විය. Views: 145
රජයේ ආයතන 14 ක ඩිජිටල් ගෙවීම් ප්රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය පවසයි. නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක්…
අද සිට ලබන 29 වැනිදා දක්වා කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160ක් පිරීම නිමිත්තෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය විශේෂ දුම්රියක් ලෙස අද අබේපුස්ස දක්වා ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත. Views: 151
කුරුඳු අපනයනයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ශ්රී ලංකාව කුරුඳු අපනයනයෙන් වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා අතර එය තවදුරටත් වර්ධනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බවයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජානක ලින්දර මහතා සඳහන් කර ඇති…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ ජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වන බව සදහන් වේ. ලිඛිත අදහස් ලබා ගැනීම පසුගිය 17 වනදා සිට සිදුවු අතර වාචික අදහස් ලබා ගැනීම ජනවාරි මස 10 වනදා දක්වා සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ. පළමු සැසිය මධ්යම පළාතෙන් ආරම්භ වන අතර සියලු පළාත් ආවරණය වන පරිදි…











